Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

ආසියානු කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

editorial - 2024 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඉන්දියාවේ බැංගලෝර්  නුවරදී ඔක්තෝබර් 18 වැනිදා  සිට 27 වැනිදා දක්වා පැවැත්වෙන 13 වැනි ආසියානු  දැල්පන්දු  තරගාවලියට සහභාගි  වන ශ්‍රී  ලංකා කණ්ඩායම ජාතික  දැල්පන්දු  තේරීම් කමිටුව විසින් සිකුරාදා (6) නිර්දේශ  කළේය.

කෙසේවූවත් කැලණියේදී පැවති මෙම අවසන් තේරීම් සදහා සහභාගිවී ඇත්තේ තේරීම් කමිටුවේ නිලධාරිනියන් සිවු දෙනෙකු පමණි.

ශ්‍රී ලංකාව ශූරතාව දිනා ගත් පසුගිය තරගාවලියේදී  (2022) ශ්‍රී  ලංකා කණ්ඩායමට නායකත්වය දුන් ගයංජලී අමරවංශ, වත්මන් එහි නායිකා දුලංගී වන්නිතිලක ඇතුළුව එහි ක්‍රීඩා  කළ ක්‍රීඩිකාවෝ හය දෙනෙක් මෙවරත් කණ්ඩායමට නිර්දේශවී සිටිති.

ලෝකයේ උසම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙස ශ්‍රී  ලංකා කණ්ඩායමට දීර්ඝතම කාලයක් පුරා සේවය ලබා දුන් තර්ජනී ෂිවලිංගම් කණ්ඩායමෙන් විශ්‍රාම ගෙන තිබීම මෙවර ශ්‍රී  ලංකා කණ්ඩායමේ ලොකුම වෙනස ලෙස සැලකිය හැකිය. ඒ සදහා  ආදේශ කර සිටින්නේ  පසුගිය කාලය පුරා ආබාධ තත්වයන් මැද කණ්ඩායමෙන් ඉවත්ව සිටි තිෂාලා අල්ගමය.

ශ්‍රී  ලංකා කණ්ඩායමේ  ප්‍රධාන  පුහුණුකරු ලෙස දීපි නාලිකා ප්‍රසාදි මහත්මිය කටයුතු කරයි. කණ්ඩායම්  කළමනාකාරිය ලෙස පද්මිණී හොරණගේ, වෛද්‍ය  නිලධාරී  ලෙස ලාල් ඒකනායක හා සම්භාහක  ලෙස මනෝජ් ප්‍රියන්ත යන මහත්ම මහත්මීහු තරග සංචාරය සදහා සහභාගි  වෙති.

 

බැංගලෝර් ආසියානු දැල්පන්දු තරග සංචාරය  සදහා නිර්දේශිත ශ්‍රී  ලංකා කණ්ඩායම  -:

දුලංගී වන්නිතිලක (නායිකා) , ගයනී දිසානායක, ගයාංජලී අමරවංශ, තිෂාලා අල්ගම, හසිතා මෙන්ඩිස්, රෂ්මී පෙරේරා, මල්මී හෙට්ටිආරච්චි , ගයාත්‍රී  විජේසූරිය, ශානිකා පෙරේරා, සචිණී රුද්‍රිගු, සුසීමා බන්ඩාර, චලනී නිෂා,

අතිරේක :-  විදාසි මිනාගී, නටාෂා  ඩයස්, නෙත්මී


අදහස් (0)

ආසියානු කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.