Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
ආසියානු කණිෂ්ඨ චෙස් තරගාවලිය මේ මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා වස්කඩුව සිට්‍රස් හෝටලයේදී පැවැත්වේ. ආසියානු හා ශ්‍රී ලංකා චෙස් සම්මේලනය ඒකාබද්ධව මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.
මේ චෙස් තරගාලිය කාන්තා හා පිරිමි ලෙස පැවැත්වෙන අතර ඒ සදහා සහභාගී විය හැක්කේ ආසියාවට අයත් රටවල වයස 20ට අඩු චෙස් ක්‍රීඩකයින්ට හා ක්‍රීඩිකාවන්ට පමණි.
තරගාවලිය තරග වට නවයකින් සමන්විතය.තරගාවලිය ආරම්භක දිනය වන 17 වැනිදා තරග වට දෙකක් පැවැත්වෙන අතර 18 වැනිදා එක් තරගවටයක් හා 19 වැනිදා තරග වට දෙකක්ද 20,21,22 සහ 23යන සිව් දින දිනකට එක් තරග වටය බැගින්දපැවැත්වේ.
කොරෝනා ව්‍යසනයෙන් පසුව මෙරටදී පැවැත්වෙන පළමු ආසියානු චෙස් තරගාවලිය මෙය බවත්, මේ තරගාවලිය සදහා ආසියානු රටවල කණිෂ්ඨ චෙස් ක්‍රීඩකයින් රැසක් සහභාගිවීමට නියමිත බවත් තරගාවලියේ සත්කාරකත්වය දරන ශ්‍රී ලංකා චෙස් සම්මේලනය කියයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.