Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
මේ මස 29 සිට 31 දක්වා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ (පිරිමි) චෙස් තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් 18 ක් නම් කර තිබේ.
ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාවේ අංක එක ස්ථානයේ සිටින එමෙන්ම හිටපු ජාතික චෙස් ක්‍රීඩා ශූරවා සහ ලෝක, ආසියානු චෙස් ශූරතාවලි රැසකදී පදක්කම් දිනාගත්, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ හර්ෂණ තිලකරත්න, වත්මන් ජාතික චෙස් ශූර කොළඹ ආනන්ද විද්‍යාලයේ රනිදු දිල්ෂාන් ලියනගේ සහ දින කිහිපයකට ඉහතදී පැවති බටහිර ආසියානු චෙස් තරගාවලියේදී රිදී පදක්කමක් දිනා ගත් කොළඹ නාලන්දා විද්‍යාලයේ ලොකුගේ සුසාල් ද සිල්වා මේ 18 දෙනා අතර වෙති.
තරගාවලිය වයස 18න් පහළ, 16න් පහළ, 14න් පහළ, 12න් පහළ, 10න් පහළ හා 8න් පහළ පිරිමි වශයෙන් තරගාවලිය පැවැත්වේ.
හර්ෂණ තිලකරත්න හා රනිදු දිල්ෂාන් ලියනගේ වයස 18න් පහළ තරග ඉසව්ව සදහාද ලොකුගේ සුසාල් ද සිල්වා වයස 16න් පහළ ඉසව්ව සදහා ද නම් කර ඇත.
තරගාවලිය තරග වට නවයකින් සමන්විතය.තරගාවලිය පැවැත්වෙන දින තුනේ දිනකට තරග වට තුන බැගින් තරග වට නවය නිමාවට පත් කෙරේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.