Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු කුසලාන චෙස් තරග හෙට සිට

ආසියානු කුසලාන චෙස් තරග හෙට සිට

editorial - 2021 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

--------------------
(ශානුක අරවින්ද)
--------------------

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය, අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කරන වයස 14 න් පහළ ආසියානු කුසලාන චෙස් තරගාවලිය අද (27 වැනිදා) ආරම්භ වේ. මෙම තරගාවලිය හෙට (28) සහ අනිද්දා (29) යන දිනවලදී www.chess.com වෙබ් අඩවිය ඔස්සේ පැවැත්වේ.

විවෘත සහ බාලිකා ලෙස කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය නව යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ආසියානු චෙස් සම්මේලනය විසින් මෙයෙහවනු ලබන කණ්ඩායම් තරගාවලියකි.

තරගාවලියට සහභාගි වන සෑම කණ්ඩායමක්ම තරගකරුවන් සිව් දෙනෙකුගෙන් සහ අතිරේක තරගකරුවකුගෙන් සමන්විත විය යුතුය. විවෘත කාණ්ඩය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත මිශ්‍ර කණ්ඩායම් ඉදිරිපත් විය හැකිය. බාලිකා කාණ්ඩය සඳහා ක්‍රීඩිකාවන්ගෙන් පමණක් සමන්විත කණ්ඩායම් ඉදිරිපත් විය යුතුය.

ශ්‍රී ලංකාවද සමග බංග්ලාදේශය, චීනය, හොං කොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, ඉරාකය, කසකස්තානය, ලාඕසය, මාලදිවයින, මැලේසියාව, මොන්ගෝලියාව, නවසීලන්තය, නේපාලය, ඕමානය, පාකිස්තානය, පිලිපීනය, කටාර් රාජ්‍යය සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍යය යන රටවල් 20 නියෝජනය කරමින් කණ්ඩායම් 50 කට අධික සංක්‍යාවක් මෙම තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විවෘත කාණ්ඩය සඳහා කණ්ඩායම් 3 ක්ද, බාලිකා කාණ්ඩය සඳහා කණ්ඩායම් 3 ක්ද ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා චෙස් සම්මේලනය කටයුතු යොදා තිබේ.

තරගාවලියේ ජයග්‍රාහක කණ්ඩායම් සඳහා කුසලාන පිරිනැමෙන අතර එම කණ්ඩායම් දෙකේ සාමාජික සාමාජිකාවන් සඳහා පදක්කම් සහ අංකිත චෙස් ඔරලෝසු ප්‍රදානය කිරීමටද සංවිධායකයෝ සූදානමින් සිටිති.  

 


අදහස් (0)

ආසියානු කුසලාන චෙස් තරග හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.