Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
සිකුරාදා (18) ඉන්දියාවේ බැංගලෝර් නුවරදී ආරම්භ වන 13 වැනි ආසියානු කුසලාන දැල්පන්දු ශූරතා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම අද (15) දිවයිනෙන් පිටත්ව යයි.
තරගාවලිය ඔක්තෝබර් 27 වැනිදා දක්වා බැංගලෝර් නුවරදී රටවල් 14 කගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.අවසන් වරට 2022 දී සිංගප්පූරුව සත්කාරය දරමින් සභභාගිවූ 12 වැනි තරගාවලියේ ශූරියන් වෙමින් මෙවර තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකාවට එය රැක ගැනීමේ දැඩි අභියෝගයකට මුහුණදීමට සිදුව තිබේ.
ඒ අතර වසර 2009 සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ කල් ගෙවූ ලෝකයේ උසම ක්රිඩිකාව ලෙස සැළකූ අඩි 6 අගල් 10 ක් උසැති එහි නිත්‍ය පන්දු ව්දින්නිය වූ තර්ජනී ෂිවලිංගම් නොමැතිව ශ්‍රී ලංකාව එයින් පසුව සහභාගි වන පළමු ආසියානු තරගාවලිය මෙයයි. ඒ වෙනුවට අඩ් 6 අගල් දෙකක් උසැති තිසාලා අල්ගම මෙවර කණ්ඩායමේ නිත්‍ය පන්දු විදින්නියට ආදේශ කර තිබේ.
ජාතික දැල්පන්දු කණ්ඩායමේ හිටපු නායිකාවක් වන එහි හිටපු සහය පුහුණුකාරිණියක් ලෙසත් කටයුතු කර ඇති දීපි නාලිකා ප්‍රසාදි මහත්මිය මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිය ලෙස කටයුතු කරයි.
තරග සංචාරය පිළිබදව ලංකාදීපයට අදහස් දැක්වූ ප්‍රසාදි මහත්මිය තර්ජනීගේ අඩුව නොදැනෙන්නට තිසාලා කටයුතු කරනු ඇතැයිද ආසියානු කුසලාන රැක ගැනීමට හැකි දක්ෂතා වලින් හෙබි ක්‍රීඩිකාවන්ගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමන්විත බව සිය දැඩි විශ්වාසය වන බවත් පැවැසීය.
ශ්‍රී ලංකාව මේ දක්වා හය වතාවක් ආසියානු කුසලාන දිනා තිබෙන අතර මෙවර විශේෂත්වය ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය අත්හිටුවා තිබෙන අවස්ථාවකදී මෙම ආසියානු තරග සංචාරය යෙදී තිබීමයි.
ඒ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නිලවරණයේ ආරවුල් හේතුවෙන් මේ වන විට එය අත්හිටුවා එහි කටයුතු ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා භාරයට තාවකාළිකව ගෙන තිබීමයි.
කෙසේවූවත් ආසියානු තරග සංචාරය ඉලක්ක කරමින් පසුගිය ජනවාරි 8 වැනිදා සිට ජාතික දැල්පන්දු පුහුණු සංච්තයේ නේවාසික පුහුණුවීම් පවත්වා ගෙන ගොස් තිබේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට පාසල් සිසුවියක් වන කූරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ චලනී නිෂා රාජගුරුද ඇතුළත්ව සිටියි.
ආසියානු දැල්පන්දු ශූරතාවලිය සදහා පළමු වතාවට සෞදි අරාබිය ඇතුළත්ව සිටීම කැපී පෙනේ.මෙහි සත්කාරය මුලින් භාර ගෙන තිබුණේද ඔවුන් විසිනි.
දුලංගි වන්නිතිලක සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වන අතර හිටපු නායිකා ගයාංජලි අමරවංශ, හසිතා මෙන්ඩිස්, සුසීමා බන්ඩාර, මල්මි හෙට්ටිආරච්චි, ගයනී දිසානායක, සචිනි හිරුණිකා රුද්‍රිගු, රශ්මී දිව්‍යාංජලී පෙරේරා, ශානිකා මධුභාෂිණී පෙරේරා, ගයාත්‍රී කෞෂල්‍යා විජේසූරිය මෙවර ආසියානු කුසළාන ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු නිර්දේශිත ක්‍රීඩිකාවෝ වෙති.
මේ අතර මෙවර ආසියානු දැල්පන්දු තරගාවලියේ විනීසුරු හා තීරක මණ්ඩලයට ශ්‍රී ලාංකිකයෝ තිදෙනකු ඇතුළත් වෙති. ටෙක්ලා ප්‍රියදර්ශනී මහත්මිය, එරංග සිතාර හා අෂාන් චිරන්ත යන මහත්වරුන්ය.
මේ අතර ආසියානු දැල්පන්දු සම්මේලනයේ මහා සභාවද බැංගලෝර් නුවරදී තරගාවලියට සමගාමිව පැවැත්වේ. එහි වත්මන් සභාපතිනි හා ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ හිටපු සභාපතිනි ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය එහි මූලාසනය හොබවයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ වෛද්‍ය නිලධාරී ලෙස වෛද්‍ය ලාල් ඒකනායක මහතාත් සම්බාහක ලෙස මනෝජ් දර්ශන මහතාත් කටයුතු කරති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.