Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ලේබනනයේ ‘බීරුට්’ නුවරදී අද (25) රටවල් 48කගේ සහභාගිත්වයෙන් ආරම්භ වන ආසියානු කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා ශූරතා තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් සිවුදෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේය.
කෙසේ වුවත් ඒ සඳහා නිර්දේශ කර සිටි කණ්ඩායමේ කළමනාකරු කසුන් චතුරංග හා පුහුණුකරු මිල්ටන් සිල්වා යන මහත්වරු වියදම් සොයා ගැනීමේ දුෂ්කරතා මත තරග සංචාරයෙන් ඉවත් වූහ.
කිරිකිස්තානයේදී අවසන් වරට පැවැති (2022) තරගාවලියේදී ශ්‍රී ලංකාව එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගෙන තිබේ.
කළමනාකරු ලෙස මෙම තරග සංචාරයට නම් කර සිටි ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ ප්‍රධාන ලේකම් කසුන් චතුරංග මහතා ‘ලංකාදීප’යට පැවසුවේ මෙවර තරගාවලියේදීත් ශ්‍රී ලංකාව පදක්කම් කීපයක අපේක්ෂාවෙන් පසුවන බවයි.
‘‘පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාව රට රටවල පැවැති කායවර්ධන තරගවලට ගිහිල්ලා අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් දිනා ගත් බවට මාධ්‍යවල වාර්තා පළ වුණා. නමුත් ඔය කියන ජාත්‍යන්තර කායවර්ධන තරගාවලි සහභාගීත්වය ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයවත් ක්‍රීඩා අමාත්‍යාංශයවත් නිල වශයෙන් පිළිගත් ඒවා නොවෙයි.
ඒවාට ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය කිසිදු වගකීමක් දරන්නෙත් නෑ. නමුත් ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය හා ක්‍රීඩා අමාත්‍යාංශය විධිමත්ව පිළිගත් ජාත්‍යන්තර තරග සංචාරයක් ලෙස මේ ක්‍රීඩකයන් සිවුදෙනා ආසියානු තරග සංචාරයට සහභාගි වෙනවා.” කසුන් චතුරංග මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.
කාණ්ඩ හතරකට අයත් ක්‍රීඩකයන් සිවු දෙනකු මෙලෙස බීරූට් බලා යන අතර වියදම් ඔවුහු පෞද්ගලිකව දරති. මෙම තරග සංචාරය සඳහා වියදම් ලබා දිය නොහැකි බව ක්‍රීඩා අමාත්‍යාංශය කලින්ම ප්‍රකාශ කර සිටි බව වාර්තාවේ.
ආසියානු කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා තරගාවලියට සමගාමීව අද (25) එහිදී පැවැත්වීමට නියමිත ආසියානු කායවර්ධන ශා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සමුළුව ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජනය කිරීමේ අවස්ථාව සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන රංග සිල්වාට පවරා තිබේ. ඒ ශ්‍රී ලංකාවේ නිලධාරීන් කිසිවකුත් මෙම සංචාරයට එක් නොවන බැවිනි.
ආසියානු ශූරතා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම
ඩබ්. රංග සිල්වා (නායක- ශාරීරික යෝග්‍යතා ඉසව්ව), බී. සුබාෂ් ධනුෂ්ක (කිලෝග්‍රෑම් 65 බර පංතිය - ජ්‍යෙෂ්ඨ), ඩී.පී.එස්. චාමර ඩයස් (ප්‍රවීණයන්ගේ ඉසව්ව) හා එස්.වී.එම්. සිල්වා (කිලෝග්‍රෑම් 70 ට වැඩි බර පංතිය - කනිෂ්ඨ)
ඡායාරූපයේ සිටින නිලධාරීන් වන කසුන් චතුරංග, වජිර මාරම්බගේ හා අශෝක සොයිසා යන මහත්වරුන් තරග සංචාරයට සහභාගි නොවේ.
(ඡායාරූපය - කටුනායක ටී.කේ.ජී. කපිල)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.