Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ආසියානු හොකී සම්මේලනයේ සංවිධානයෙන් ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැති ආසියානු කුසලාන හොකී තරගාවලියේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. තරගාවලියේ තෙවැනි ස්ථානය තේරීම සඳහා පැවැති තරගයේදී කසකස්තානයට එරෙහිව ගෝල 4-3 ක ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ ලෝකඩ පදක්කමට හිමිකම් කීහ.
තරගයේ 26 වැනි විනාඩියේදී ගෝලයක් ලබාගත් යෙර්කේබුලාන් ඩුයිසෙබෙකොව් කසකස්තානයට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. කෙසේ වුවත් 32 වැනි විනාඩියේදී පිට පිටම ගෝල 2 ක් ලබාගත් එස්. සුදුසිංහ සහ සුරේෂ් රත්නායක ගෝල 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව තරගවලියේ පෙරමුණට ගෙන ආහ.
කසකස්තානය වෙනුවෙන් 38 වැනි විනාඩියේදී තවත් ගෝලයක් ලබාගත් අමාන් යෙලූබායෙව් ගෝල 2-2 ක් ලෙස තරගය සම තත්ත්වයට පත් කළේය.
යළිත් කි‍්‍රයාත්මක වූ ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ 45 වැනි සහ 56 වැනි විනාඩිවලදී ගෝල 2 ක් ලබාගනිමින් තරගයේ වාසිය අත්කර ගැනීමට සමත් වූහ. ළහිර පන්ති සහ කුසල් වීරප්පුලි පිළිවෙලින් එම ගෝල 2 ලබාගත්හ.
තරගය අවසන් වීමට විනාඩි 2 ක් ඉතිරිව තිබියදී එනම් 58 වැනි විනාඩියේදී සිය දෙවැනි ගෝලය ලබාගැනීමට යෙර්කේබුලාන් ඩුයිසෙබෙකොව් සමත් වුවද, ගෝල 4-3 ක පරාජයකින් කසකස්තානය ගළවාගැනීමට තරම් එම ගෝලය ප‍්‍රමාණවත් නොවීය. අවසන් පූර්ව වටයේදී ඕමානය හමුවේ ගෝල 2-1 ක් ලෙස පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම වෙනුවෙන් තරග වැදීමට සිදුවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.