Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඇන්ජලෝගෙන් ඉනිම දෙකේදීම ද්විත්ව ශතක

ඇන්ජලෝගෙන් ඉනිම දෙකේදීම ද්විත්ව ශතක

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පළමු පෙළ ක්‍රිකට් තරගයක ඉනිමේ දෙකේදීම ද්විත්ව ශතක ලබාගනිමින් එවන් දස්කමක් දැක්වූ ලොව දෙවැනි පිතිකරුවා මෙන්ම ශ්‍රී ලංකාවේ පළමු පිතිකරුවා බවට පත්වීමට එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ නායක ඇන්ජලෝ පෙරේරා සමත් විය. ඔහු එම දස්කම දැක්වූයේ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ඊයේ (3 වැනිදා) කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති පළමු පෙළ තරගයකදීය.

එම තරගයේ පළමු ඉනිමේදී හයේ පහරක් සහ හතරේ පහර 20 ක් සමග පන්දු 203 කින් ලකුණු 201 ක් රැස්කළ ඇන්ජලෝ, දෙවැනි ඉනිමේදී පන්දු 268 කින් ලකුණු 231 ක් රැස්කලේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 20 ක් සමගිනි.

මෙම තරගයේ ඉනිම දෙකේදී ඇන්ජලෝ ලබාගත් ලකුණුවල එකතුව 432 ක් ලෙස සටහන් වූ අතර ඔහු එවන් පිතිහරඹයක නිරත වූයේ වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් සහ දඟ පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක වැනි ජාතික කණ්ඩායම නියෝජනය කළ පන්දු යවන්නන් සිටි කණ්ඩායමකට එරෙහිව වීමද කැපී පෙනෙන සිදුවීමක් විය.

මින් පෙර පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේදී පිතිකරුවකු ඉනිම දෙකේදීම ද්විත්ව ශතක ලබාගෙන තිබුණේ 1938 වසරේදීය. එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ආතර් ෆැග් එසෙක්ස් ප්‍රන්ත කණ්ඩායමට එරෙහිව පැවැති පළමු පෙළ තරගයක ඉනිම් දෙකේදී ලකුණු 244 ක් සහ ලකුණු 202 ක් බැගින් රැස්කරමින් එම වාර්තාව පිහිටුවා තිබිණ.

ඇන්ජලෝගේ මෙම ද්විත්ව ශතක 2 ත් සමගින් මෙවර පළමු පෙළ තරග වාරයේදී මේ දක්වා වාර්තා වී ඇති ද්විත්ව ශතක සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළ ගියේය. ඇන්ජලෝ පෙරේරා, කෞෂාල් සිල්වා සහ ප්‍රියමාල් පෙරේරා මෙවර තරගාවලියේදී ද්විත්ව ශතක දෙකක් බැගින් ලබාගත්හ. ඔවුන් තිදෙනාට අමතරව භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු, අවිෂ්ක ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුවන්ත, නවෝද් පරණවිතාන, සමීර ද සොයිසා, පැතුම් නිස්සංක, සචිත්‍ර සේරසිංහ යන ක්‍රීඩකයෝ සමත් වූහ.

මෙවර (2018-2019) පළමු පෙළ තරග වාරයේදී ද්විත්ව ශතක ලැබූ ක්‍රීඩකයෝ :


 

- 036


අදහස් (0)

ඇන්ජලෝගෙන් ඉනිම දෙකේදීම ද්විත්ව ශතක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.