Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ නාපෝලි නගරයේ සේවයේ නියුතු වෙන්නප්පුවේ පදිංචි ප්‍රගීත් ශානක කෝළඹගේ මහතා සහ ඔහුගේ යහළු යෙහෙළියන් එක්ව 6 වැනි වරටත් සංවිධානය කරන ඉතාලි රන් කුසලාන එල්ලේ තරගාවලියේ අවසන් අදියර මෙම මස 16, 17, 24 සහ 25 යන දිනවල වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
සමස්ත දිවයිනම ආවරණය වන පරිදි කණ්ඩායම් 256 ක් සහභාගි වූ මෙම තරගාවලියේ මූලික වටයේ තරග 236 ක් දින 45 ක් තුළ පැවැත්විණ. මේ වන විට තරගාවලියේ අවසන් කණ්ඩායම් 16 තෝරාගෙන ඇති අතර ඉහත සඳහන් දිනවලදී එම කණ්ඩායම් අතර අවසන් අදියරේ තරග පැවැත්වෙනු ඇත.
තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට රුපියල් ලක්ෂ 3 ක මුදල් ත්‍යාගයක් සමග ශූරතා කුසලාන පිරිනැමෙන අතර අනු ශූරතාව හිමිකර ගන්නා කණ්ඩායමට රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් සමග අනු ශූරතා කුසලාන පිරිනැමෙනු ඇත. ඊට අමතරව තෙවැනි ස්ථානට රුපියල් ලක්ෂයකද, සිවුවැනි ස්ථානයට රුපියල් පනස් දහසකද මුදල් ත්‍යාග පිරිනැනීමට සංවිධායකයෝ සූදානමින් සිටිති.
තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතරට එක්වන කණ්ඩායම්වල නායකයන් සිවුදෙනා අවසන් පූර්ව තරග ආරම්භය සඳහා හෙලිකොප්ටරයක් මගින් රැගෙන ඒමටද කටයුතු යොදා තිබේ. තරගාවලියේ සංවිධානය කටයුතු සහ මුදල් ත්‍යාග සඳහා වැය කරන මුලු මුදල රුපියල් ලක්ෂ 65 කි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.