Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඉර්වාන් සිංගෙන් ජයග්‍රහණ ත්‍රිත්වයක්

ඉර්වාන් සිංගෙන් ජයග්‍රහණ ත්‍රිත්වයක්

editorial - 2020 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද නුවරඑළියේ සිට..)

රාජකීය තුරඟ තරග ක්‍රීඩා සමාජය මෙම වසර (2020) සඳහා සංවිධානය කරන තුරඟ තරග මාලාවේ පළමු තරගාවලිය වූ ප්‍රිමියර් කුසලාන තුරඟ තරගාවලියේදී ත්‍රිත්ව ජයග්‍රහණයක් අත්කර ගැනීමට ඉන්දීය ජාතික අසරුවකු වන ඉර්වාන් සිං සමත් විය.

අල්කසබා වෙළඹ මෙහෙයවමින් තරගාවලියේ ප්‍රධානතම තරගය වූ ප්‍රිමියර් කුසලාන තරගය ජයගත් ඉර්වාන්, ඉන් නොනැවතී ගෝල්ඩන් ගර්ල් වෙළඹ මෙහෙයවමින් ඇල්ෆයින් හෝටල් කුසලාන තරගයද, සූලූ ෆැන්ටසි අසු මෙහෙයවමින් ඩේලි මිරර් කුසලන තරගයද ජය ගත්තේය.

එම අසුන් තිදෙනාම එඩ්වඩ්ස් මහතා සහ එම මහත්මිය හිමිකාරීත්වය දරණ අසුන් වීම එහිදී  කැපීපෙනෙන සිදුවීමක් විය.

මීටර් 1400 ක දුරකින් සමන්විත වූ ප්‍රිමියර් කුසලාන තරගයේ ජය තමන් සතුකර ගැනීමට ඉර්වාන් සමත් වූයේ තවත් ඉන්දීය අසරුවකු වූ කුල්දීප් සිං සමග කරන ලද කරට කර තරගකින් අනතුරුවය. එඞ්වඞ්ස් මහතාගේ සහ එම මහත්මියගේම අශ්වයකු වන සැන්ටෝස් අසු මෙහෙයවමින් කුල්දීප් එම තරගයට සහභාගි විය.

එස්. ඉම්රාන් විසින් මෙහෙයවන ලද ක්‍රිම්සන් ක්විස්ට් අසුට වඩා තත්පර කිහිපයක් ඉදිරියෙන් සිටිමින් (ගෝල්ඩන් ගර්ල් වෙළඹ සමග) ඇල්ෆයින් හෝටල් කුසලාන තරගය නිමා කළ ඉර්වාන්, (සූලූ ෆැන්ටසි අසු සමග) ඩේලි මිරර් කුසලන තරගය නිමා කළේ නයිට් කිං අසු මෙහෙයවනු ලැබූ එස්.ඉම්රාන් සහ ස්ටෝමොන්ට් අසු මෙහෙයවනු ලැබූ කුල්දීප් සිං පිළිවෙලින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට ඇද දමමිනි.

තවත් උද්වේගකර තරගයක් වූ ජාත්‍යන්තර කාන්තා දින කුසලාන තරගයද මීටර් 1400 ක දුරකින් සමන්විත වූ අතර ඉන් ජය ලැබීමට එස්. ඉම්රාන් සමත් වූයේ හසංග ජයරත්න මහතා හිමිකාරීත්වය දරන අනදර් ඒස් අසු මෙහෙයවමිනි.

මෙම තරගාවලියේ තරගයක් ජයගත් එකම ශ්‍රි ලාංකික අසරුවා බවට පත්වීමට එස්.ඩී. ජානක සමත් වූ අතර අජන්ත ද සොයිසා මහතා හිමිකාරීත්වය දරණ විගරස් අසු මෙහෙයවමින් ඔහු මීටර් 1070 ක දුරකින් සමන්විත වූ හායි සඟරා කුසලාන තරගය ජයගත්තේය.

රාජකීය තුරඟ තරග ක්‍රීඩා සමාජය මෙවර උත්සව සමය වෙනුවෙන් සංවිධානය කරන මැජික් මිලියන් කුසලාන තරගාවලිය අප්‍රේල් මස 5 වැනිදාද, ආණ්ඩුකාර කුසලාන තරගාවලිය 15 වැනිදාද පැවැත්වෙන අතර එහිදී තුරඟුන් 50 ක් පමණ තරග වැදීමට නියමිතය. මෙම තරග මාලාව සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.

පහත සඳහන් තරග ප්‍රතිඵල අසු හෝ වෙළඹ, අසරුවා සහ හිමිකරුවා යන අනු පිළිවෙළට  සකස් කොට තිබේ.

 

ජාත්‍යන්තර කාන්තා දින කුසලාන තරගය (මීටර් 1400)
1 අනදර් ඒස් - එස්. ඉම්රාන් - හසංග ජයරත්න මහතා
2 කැප්ටන් හැඩොක් - ඉර්වාන් සිං - එඩ්වඩ්ස් මහතා සහ එම මහත්මිය
3 සිල්වර් ස්ට්‍රික් - කේ. සංජීවන් - රම්සිස් පීටර් ප්‍රනාන්දු මහතා

ඇල්ෆයින් හෝටල් කුසලාන තරගය (මීටර් 1070)
1 ගෝල්ඩන් ගර්ල් - ඉර්වාන් සිං - එඩ්වඩ්ස් මහතා සහ එම මහත්මිය
2 ක්‍රිම්සන් ක්විස්ට් - එස්. ඉම්රාන් - ගාමිණී ජයරත්න මහතා සහ එම මහත්මිය
3 වේටිං ෆෝ ග්ලෝරි - එස්. අස්ගර් - හසංග ජයරත්න මහතා

හායි සඟරා කුසලාන තරගය (මීටර් 1070)
1 විගරස් - එස්.ඩී.ජානක - අජන්ත ද සොයිසා මහතා
2 ගසාකි - කේ. සංජීවන් - රම්සිස් පීටර්  ප්‍රනාන්දු මහතා
3 ග්ලිටරින් - ඉර්වාන් සිං - එඩ්වඩ්ස් මහතා සහ එම මහත්මිය

ඩේලි මිරර් කුසලන තරගය (මීටර් 1070)
1 සූලූ ෆැන්ටසි - ඉර්වාන් සිං - එඩ්වඩ්ස් මහතා සහ එම මහත්මිය
2 නයිට් කිං - එස්. ඉම්රාන් - නිෂාරා ජයරත්න මෙනවිය
3 ස්ටෝමොන්ට් - කුල්දීප් සිං - එඩ්වඩ්ස් මහතා සහ එම මහත්මිය

රාජකීය තුරඟ තරග සමාජ ප්‍රිමියර් කුසලාන තරගය (මීටර් 1400)
1 අල්කසබා - ඉර්වාන් සිං - එඩ්වඩ්ස් මහතා සහ එම මහත්මිය
2 සැන්ටෝස් - කුල්දීප් සිං - එඩ්වඩ්ස් මහතා සහ එම මහත්මිය
3 වෙස්ටන් වින්ඩ් - එස්. ඉම්රාන් - ජයලත් අශ්වගාල

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

ඉර්වාන් සිංගෙන් ජයග්‍රහණ ත්‍රිත්වයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.