Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඉවත් වූ සිමෝනා යළි තරග බිමට

ඉවත් වූ සිමෝනා යළි තරග බිමට

editorial - 2021 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 (සංජීව ධර්මසේන - ජපානයේ ටෝකියෝ නුවර සිට)

ඇමරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකා සිමෝනා බයිල්ස් කාන්තා ජිම්නාස්ටික් තරගාවලියේ සමබර දණ්ඩ ඉසව්වේ අවසන් තරගයට ක්‍රීඩාකිරීමට නියමිතව ඇත. හෙට පැවැත්වෙන මෙම ඉසව්ව සඳහා තරගවඳින අවසන් තරගකරුවන් 08 දෙනාගේ ලැයිස්තුවට ඇගේ නමද ඇතුළත් කර තිබේ.

2016 රියෝ ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් 04ක් දිනූ සිමෝනාට මෙවර කැපීපෙන දක්‍ෂතා දැක්වීමට නොහැකි වූ අතර, දිනාගැනීමට හැකිවූයේ එක් රිදී පදක්කමක් පමණි. කෙසේ නමුත් මානසික ආතතිය හේතුවෙන් ඉකුත්දා (28දා) පැවැත්වීමට තිබූ ජිම්නාස්ටික් කණ්ඩායම් තරග ඉසව්වට ඇය සහභාගි නොවූවාය.

 

මීටර 400 ඉසව්වේ ලෝක ශූරයා ඉවතට

මීටර 400 පිරිමි ඉසව්වේ වත්මන් ලෝක වාර්තාවට මෙන්ම ඔලිම්පික් වාර්තාවට හිමිකම් කියන දකුණු අප්‍රිකාවේ වේඩ් වෑන් නීකර්ක්ට මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකිවිය.

මෙම ඉසව්වේ මූලික වටයේ තරග අද (02දා) රාත්‍රියේ පැවැති අතර, එහි තෙවැනි මූලික තරගයට සහභාගි වූ නීකර්ක්ට තත්. 45.14ක දක්‍ෂතාවක් දක්වමින් හිමිවූයේ 05 වැනි ස්ථානයයි. කෙසේ නමුත් 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී තත්. 43.03ක දක්‍ෂතාවක් දැක්වූ නීකර්ක් මෙම ඉසව්වේ ලෝක මෙන්ම ඔලිම්පික් වාර්තාව පිහිටුවීමට හැකිවිය.

 

බැඩ්මින්ටන් රන් පදක්කම ඩෙන්මාකයට

ඩැබ්මින්ටන් ඉසව්වේ ආදිපත්‍ය හිමිව තිබූ චීනය ප්‍රමුඛ ආසියාවට අභියෝග කරමින් රන් පදක්කම දිනාගැනීමට ඩෙන්මාකයේ වික්ටර් ඇක්සෙල්සන් අද (02දා) සමත් විය. අවසන් තරගයේදී චීනයේ ලෝන් චෙන් 21/15, 21/12 තරග වට 2-0කින් ඔහු හමුවේ පරාජය විය. මෙම තරගය ආරම්භවන විට ඇක්සෙල්සන් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 04 වැනි ස්ථානයේ පසු වූ අතර, චෙන් එහි 06 වැනි ස්ථානයේ රැඳී සිටියේය.

 

පදක්කම් සටහන


අදහස් (0)

ඉවත් වූ සිමෝනා යළි තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.