Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා මොබිටෙල් පුද්ගලික සමාගමේ අනුග්‍රහකත්වය යටතේ දෙවැනි වරටත් පැවැති ‘කෝඩ්‍රෑන්ගල් කුසලාන’ අන්තර් සමාජ ගොල්ෆ් තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් ක්‍රීඩා සමාජය සමත් විය. ඔවුන් එම ශූරතාවට හිමිකම් කීවේ ලකුණු 325 ක් ලබාගනිමිනි.
ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් ක්‍රීඩා සමාජය, රෝයල් කලම්බු ගෝල්ෆ් ක්‍රීඩා සමාජය, වික්ටෝරියා ගෝල්ෆ් ක්‍රීඩා සමාජය සහ නුවරඑළිය ගෝල්ෆ් ක්‍රීඩා සමාජය යන ප්‍රමුඛ පෙලේ ගෝල්ෆ් ක්‍රීඩා සමාජ 4 හි සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්විණි.
එහිදී දක්ෂතම ලඟම පහරට හිමි කුසලාන (පිරිමි) ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් ක්‍රීඩා සමාජයේ එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින්ද, දක්ෂතම දුරම පහරට හිමි කුසලාන (පිරිමි) නුවරඑළිය ගෝල්ෆ් ක්‍රීඩා සමාජයේ මයිකල් සත්‍යශිවම් විසින්ද දිනාගනු ලැබූහ.
නුවරඑළිය ගෝල්ෆ් ක්‍රීඩා සමාජයේ ප්‍රෑන් ද මෙල් විසින් දක්ෂතම ලඟම පහරට (කාන්තා) හිමි කුසලානද, රෝයල් කලම්බු ගෝල්ෆ් ක්‍රීඩා සමාජයේ දිනුකා බොරලැස්ස විසින් දක්ෂතම දුරම පහරට (කාන්තා) හිමි කුසලානද හිමිකරගනු ලැබූහ.
තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ලබාගත් ක්‍රීඩකයා ලෙස රොයල් කලම්බු ගෝල්ෆ් ක්‍රීඩා සමාජයේ රවී ලියනගේද, තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩිකාව ලෙස වික්ටෝරියා ගෝල්ෆ් ක්‍රීඩා සමාජයේ ප්‍රවීනා දුනුවිලද කුසලාන දිනාගත්හ.
ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා පැවැති ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් චීන වරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්හිදී පැවැත්විණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.