Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වසංගතයෙන් අනතුරුව නැවතත් ක්‍රීඩා තරග ආරම්භ වෙමින් පවතින වකවානුවක මේසපන්දු ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ කේවල ඉසව්වලදී පෙරමුණ ගැනීමට උදය රණසිංහ සහ ඉෂාරා මධුරංගි සමත්ව සිටිති. 2019 වසර තුළදී පැවැති ජාතික මට්ටමේ තරගාවලි 5 කදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගත් ලකුණු පදනම් කරගනිමින් ඔවුන්ට මෙම ශ්‍රේණිගත කිරීම් ලබාදී තිබේ.
කෙසේ වෙතත් මේ වසර (2020) තුළදී තවමත් එක් ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් හෝ පවත්වා නොමැත.
ජී.එස්.එම්. මේසපන්දු තරගාවලිය, කොළඹ දිස්ත්‍රික් මේසපන්දු තරගාවලිය, මහීපාල හේරත් මේසපන්දු තරගාවලිය, ටිබාර් මේසපන්දු තරගාවලිය සහ ජාතික මේසපන්දු තරගාවලිය යන ජාතික මට්ටමේ විවෘත තරගාවලි 5 මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා පදනම් කරගෙන තිබේ.
එහිදී තරගාවලිය 3 කට සහභාගි වී ඇති උදය, එම තරගාවලි තුනෙහිම ශූරයා බවට පත්වෙමින් ලකුණු 38.64 ක් ලබා පිරිමි කේවල ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමිකර ගෙන සිටියි. කාන්තා කේවල ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන ඉෂාරා, ලකුණු 45.45 ක් ලබා සිටින්නේ තරගාවලි 5 ටම සහභාගි වී ඉන් තරගාවලි 4 ක ශූරිය බවට පත්වෙමින් සහ ජාතික තරගාවලියේ අවසන් පූර්ව වටයට පැමිණෙමිනි.
සුපුන වරුසවිතාන ලකුණු 31.44 ක්ද, සෙනුර සිල්වා ලකුණු 27.27 ක්ද ලබා පිරිමි කේවල ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගෙන සිටින අතර හංසනී පියුමිලා ලකුණු 27.27 ක්ද, ජිතාරා වර්ණකුලසූරිය ලකුණු 23.86 ක්ද ලබා කාන්තා කේවල ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.