Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයෙන් මේ වනවිට තහනමට ලක්කර සිටින බව කියන කායවර්ධන උපදේශකවරයකු ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සූදානම් කර තිබෙන කායවර්ධන වැඩමුළුවක් පිළිබඳව ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ ලේකම් නිහාල් වීරතුංග මහතා ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
මුදල් අය කරමින් පැවැත්වෙන මෙම කායවර්ධන පුහුණු වැඩමුළුව ලබන මස (පෙබරවාරි) 9 සහ 10 දෙදින බත්තරමුල්ලේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මෙම වැඩමුළුව සඳහා පැමිණෙන ජාත්‍යන්තර කායවර්ධන උපදේශකවරයා මේ වනවිට අන්තර් ජාතික කායවර්ධන සම්මේලනයේ තහනමට ලක්වූ අයෙකු යයි අන්තර්ජාතික කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයෙන් ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයා ඇතුළුව අමාත්‍යාංශ ලේකම් හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දැනුම්දීම් කර ඇති ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ ලේකම්වරයා ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදෙස් ලබා ගැනීමෙන් පසුව ඉදිරි පියවර ගැනීමට තීරණය කර ඇත.
කෙසේ වුවත් ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ ඉහළ පෙලේ ප්‍රධානියෙකුගේ ද සහයෝගයෙන් මෙම කායවර්ධන වැඩමුළුව බත්තරමුල්ලේ දී පැවැත්වීමට සූදානම් කර ඇතැයි ද කායවර්ධන ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.