Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ඇලහැර සරත් නිශ්ශංක වෙලගෙදර සහ පොලොන්නරුව කරුණාරත්න ගමගේ)
ජාතික මහා ක්‍රීඩා උලෙළේ (2024) කිලෝග්‍රෑම් 45 කාන්තා බර පංතිය යටතේ පැවති තරගයේදී නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් උපමාලිකා ගුණතිලක ක්‍රීඩිකාව පිහිටුවනු ලැබුවාය.
48 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරග පොලොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේ දී පෙරේදා (06) ආරම්භ වූ අතර එය මෙම මස 09 දින දක්වා දින 04ක කාලයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ පළාත් 09ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 360 ක් පමණ සහභාගි වීමට නියමිතය.
කාන්තා බර ඉසිලීමේ තරගාවලියේ කි.ග්‍රෑම් 45, 49, 55, 59, 64, 71, 76, 81, 87 හා 87ට වැඩි බර පංති යටතේ තරග පැවැත්වේ. පිරිමි බර ඉසිලීමේ තරගාවලිය යටතේ කි: ග්‍රෑම් 55, 61, 67, 73, 81, 89, 96, 102, 109 හා 109ට වැඩි බර පංති යටතේ තරග පැවැත්වේ.
එක් බර පංතියක් යටතේ එක් පළාතකින් තරගකරුවන් දෙදෙනා බැගින් පළාත් 09 නියෝජනය කරමින් එක් බර පංති තරගයක් සඳහා තරගකරුවන් හා තරගකාරියන් 18 දෙනකු බැගින් සහභාගිවීමට නියමිතය.
මෙහිදී ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්වී ජයග්‍රාහී කණ්ඩායම් සඳහා හා දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සඳහා මුදල් තිළිණ හා කුසලාන පදක්කම් හා සහතිකපත් ප්රදානය කිරීමට නියමිතය. දිවයිනේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක්වූ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වන මෙම බර ඉසිලීමේ තරගාවලියේ දී ඉදිරියේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා සුදුස්සන් තේරීම ද මෙම තරගාවලියට සමගාමීව සිදු කිරීමට නියමිතය.
කාන්තා කිලෝග්‍රෑම් 45 බර පංතිය යටතේ පැවති තරගයේදී උතුරු මැද පළාත නියෝජනය කරමින් සහභාගී වූ ජේ.ජී. උපමාලිකා ගුණතිලක ක්‍රීඩිකාව ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කි.ග්‍රෑම් 83 ක බරක් ඔසවමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් ද, ස්නැච් ක්‍රමය යටතේ කි.ග්‍රෑම් 63 ක්ද වශයෙන් මුළු බර යටතේ කි.ග්‍රෑම් 146ක මුළු බරක් ඔසවමින් නව ශ්‍රී ලංකා වාර්තාවකට හිමිකම් කීය. මෙම 45 කාන්තා බර පන්තියේ ස්නැච් ක්‍රමය යටතේ ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබුණේ කි. ග්‍රෑම් 62කි. එමෙන්ම මෙම බර පංතියේ සමස්ත බර ලෙසට ශ්‍රී ලංකා වාර්තාව කි. ග්‍රෑම් 145ක් ලෙසට තබා තිබූ වාර්තාව බිඳවැටුණි. ඒ අනුව කි.ග්‍රෑම් 45 බර පංතිය යටතේ පැවති තරගයේ රන් පදක්කම උතුරු මැද පළාත නියෝජනය කරමින් සහභාගී වූ ජේ.ජී.යූ.ආර්. ගුණතිලක ක්‍රීඩිකාව ද, රිදී පදක්කම මධ්‍යම පළාත නියෝජනය කරමින් ඩී.එම්. සමරකෝන් ක්‍රීඩිකාව ද, ලෝකඩ පදක්කම වයඹ පළාත නියෝජනය කරමින් සහභාගී වූ එම්.ඩී. එම්. ප්‍රේමරත්න ක්‍රීඩිකාවද දිනා ගනු ලැබූහ.
ඒ අනුව බස්නාහිර පළාත නියෝජනය කරමින් 2022 වර්ෂයේ බී.ඩී.එච්. ගෝමස් ක්‍රීඩිකාව කි.ග්‍රෑම් 45 බර පංතිය යටතේ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කි. ග්‍රෑම් 82ක් හා මුළු බර කිලෝග්‍රෑම් 145 ක් ඔසවමින් මින් පෙර තබා තිබූ ශ්‍රී ලංකා වාර්තාව බිඳහෙළීමට උතුරු මැද පළාත නියෝජනය කරමින් සහභාගීවූ ජේ.ජී. උපමාලිකා ගුණතිලක ක්‍රීඩිකාව සමත්කම් දැක්වූවාය.
මේ අතර 48 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු දිනය වන පෙරේදා පැවති පිරිමි කි.ග්‍රෑම් 55 බර පංතිය යටතේ පැවති තරගයේ රන් පදක්කම වයඹ පළාත නියෝජනය කරමින් සහභාගී වූ වයි. දිලංක ඉසුරු කුමාර විසින් දිනාගනු ලැබීය. එහිදී ඔහු විසින් ස්නැච් ක්‍රමයට කි.ග්‍රෑම් 111 ක බරක් හා ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කි. ග්‍රෑම් 133ක් ද මුළු බර කි.ග්‍රෑම් 244ක් ද ඔසවනු ලැබීය.
මෙම බර පංතියේ රිදී පදක්කම උතුරු මැද ජී.ආර්.සී.වී. ගම්ලත් ද, ලෝකඩ පදක්කම වයඹ පළාත නියෝජනය කරමින් සහභාගී වූ ඩී.එස්. කුමාර ද හිමිකර ගත්හ.
දින 04ක් පුරා පැවැත්වෙන මෙම 48 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය හා ජය සංකේත ප්‍රදාන කිරීම මෙම මස 09 දින හවස සිදුකිරීමට නියමිතය.
Janahitha Sunday, 09 June 2024 03:27 PM
බරටම අපේ සුබ පැතුම්..!
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.