Last Update  :  2025-03-21 20:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports උපුල් - සයුනි චෙස් ශූරතා දිනති

උපුල් - සයුනි චෙස් ශූරතා දිනති

editorial - 2022 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත )

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කරමින් හික්කඩුව දොඩන්දුව රෝහණ විද්‍යාලයේ පැවති දකුණු පළාත් විවෘත  මේජර්ස්  චෙස් තරගාවලියේ පිරිමි ශුරතාව උපුල් ප්‍රනාන්දු විසින් දිනා ගන්නා ලදී. ද කාන්තා ශුරතාව  සයුනි ගිහන්සා විසින් දිනාගන්නා ලදි.

දකුණු පළාතේ චෙස් ක්‍රීඩකයින්  101 දෙනකුගේ හා ක්‍රීඩිකාවන් 45 කුගේ  සහභාගිත්වයෙන් පැවති මේ මේ කාන්තා සහ පිරිමි  තරගාවලිය තරග වට හතකින් සමන්විතවිය .

 පිරිමි තරගාවලිය දැඩි තරගකාරිත්වයක් ගත් අතර  එහිදී  තරග වට හතෙන් ලකුණු 6.00 බැගින් සම ලකුණු ලබාගත් උපුල් ප්‍රනාන්දු, අබ්දුල් බසිත් සහ ගයාෂාන් සංදීප සම ශුරයින් වුවත් චෙස් ක්‍රීඩාවේ සම තත්ත්වය බිදීමේ ක්‍රමවේදයේදී උපුල් ප්‍රනාන්දුට ශුරතාවත්  අබ්දුල් රසිත්ට අනුශුරතාවත් ගයාෂාන් සංදීපට  තෙවැනි ස්ථානයත් හිමිවිය.

කාන්තා තරගාවලියේදී  තරග වට හතෙන් ලකුණු 6.5 ක් ලබාගත් සයුනි ගිහන්සා ශුරතාව දිනා ගත්තේ  ලකුණු භාගයක වැඩි පරතරයක් තබා ගනිමිනි.

තරග වට හතෙන් ලකුණු 6.00 ක් ලබාගත් එසදී නෙවන්සාට අනු ශුරතාවත් තරගවට හතෙන් ලකුණු 5.5 ක් ලබාගත් මිනෙත්මා වික්‍රමසිංහට එහි තෙවැනි ස්ථානයත් හිමිවිය.


අදහස් (0)

උපුල් - සයුනි චෙස් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.