Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
කොළඹ ‘රෙජිනෝල්ඩ් කුරේ’ රංග ශාලාවේ දී පැවැත්වෙමින් තිබූ කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා තරගාවලියක් උසාවි නියෝගයක් ලබා ගනිමින් අත්හිටුවීමට ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය පියවර ගත්තේය.
අන්තර් ජාතික කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයක ශ්‍රී ලංකා සාමාජිකත්වය හොබවන පාර්ශවයක් විසින් සංවිධානය කළ බව කියන මෙම තරගාවලියට කායවර්ධන ක්‍රීඩකයන් රැසක් සහභාගිවී සිටි බව වාර්තාවේ. තරග සංවිධායකයන් විසින් පොල්තෙල් පහන දල්වා උත්සවය ආරම්භ කිරීමට සූදානම් වන විටම එම ස්ථානයට පැමිණි උසාවි නියෝජිතයන් විසින් තරගාවලිය වාරණය කර තිබෙන බවට සඳහන් උසාවි නියෝගය ඔවුන්ට දැනුම් දී තිබේ.
එම අවස්ථාවේ දී සභාවට ඇතිවී තිබෙන තත්ත්වය දැනුම් දෙමින් තරගාවලිය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බව තරග සංවිධායකයන් දැනුම්දීමෙන් පසුව ක්‍රීඩකයන් විසිර ගිය බව වාර්තා වේ.
කෙසේ වුවත් උද්ගත වූ තත්වය හමුවේ මෙම කායවර්ධන තරගාවලියට සමගාමීව සූදානම් කර තිබූ තවත් ඉසව් ගණනාවක් අත්හිටුවීමට ද තරග සංවිධායකයන්ට සිදුව තිබේ. ඒ අතර තරුණියන් හා ළමුන් සහභාගි වන තරග ඉසව් කීපයක් ද සංවිධානය කර තිබේ.
කොළඹ රෙජිනෝල්ඩ් කුරේ රංග ශාලාවේදී පැවැත්වීමට සූදානම් කර තිබූ කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා තරගාවලියේ සංවිධායකයන්ට ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති ලයනල් කුමාර මහතා ඇතුළු විධායක සභාව උසාවියට ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක සඳහන් වන්නේ එම තරගාවලිය සංවිධානය කිරීම සඳහා සිය සම්මේලනයේ නිසි අනුමැතිය හා අධීක්ෂණය ලබා නැති බවයි.
එය සම්මේලන ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් වන බැවින් මෙරට කායවර්ධන ක්‍රීඩාවේ උන්නතිය සඳහා තමන්ට කටයුතු කිරීමට සිදුවන බවත් එහිදී පැමිණිල්ලේ දක්වා ඇත.
මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ය කළ විමසුමකදී ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ ප්‍රකාශකයෙක් ‘ලංකාදීප’යට මෙසේ පැවසීය.
‘‘මෙම සිදුවීමේදී ක්‍රීඩකයන් අපහසුතාවට පත්වීම ගැන අප කනගාටු වෙනවා. නමුත් ඊට තරග සංවිධායකයන් වගකිව යුතුයි. 1975 මැයි 12 වැනිදා ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය ශ්‍රී ලංකාවේ තෙවැනි පැරණිතම ජාතික ක්‍රීඩා සංගමය ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි කර තිබෙනවා. මේ ජාතික ක්‍රීඩා සංගමයට වඩා රටේ පැරණි වන්නේ ජල ක්‍රීඩා හා බැඩ්මින්ටන් ජාතික ක්‍රීඩා සංගම් දෙක පමණයි.
කායවර්ධන සම්මේලනයේ ව්‍යවස්ථාවේ පැහැදිළිවම දක්වා තිබෙන වගන්ති උල්ලංඝණය කරන ආකාරයෙන් මෙම තරගාවලිය සංවිධානය කිරීම නිසා අපට මැදිහත්වීම් කරන්න සිදු වුණා. සම්මේලනයේ නිසි ක්‍රමවේදයට අනුව අනුමැතිය ලබාගන්නා කායවර්ධන තරගාවලි සංවිධානයට අපෙන් බාධාවක් නෑ. එහිදී සම්මේලනයේ අධීක්ෂණය අනිවාර්යයෙන්ම ලබාගත යුතුයි.’’
කෙසේ වුවත් මේ වන විට අන්තර් ජාතික කායවර්ධන සම්මේලන කීපයක්ම ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන අතර මෙරට කායවර්ධන පාර්ශව හා ක්‍රීඩකයන් එහි සාමාජිකත්වයන් ලබාගනිමින් ඔවුන් සංවිධාන කරන ජාත්‍යන්තර තරග සඳහා සහභාගිවීමට උනන්දුවී සිටියි.
ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය ජාත්‍යන්තර වශයෙන් බැඳී සිටින්නේ අන්තර්ජාතික කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය (අයි.එෆ්. එෆ්. බී) සමගිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.