Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
නිලවරණ මෙහෙයුම් කමිටුව නිර්දේශ කර ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ අද (19) කැඳවා තිබූ විශේෂ මහ සභා රැස්වීම ඝනපූර්ණය නොමැතිවීමෙන් අත්හිටුවීමට සිදුවිය.
වැඩබලන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අනුර මුතුමාල මහතා විසින් මෙම විශේෂ මහ සභා රැස්වීම රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ‘ඩන්කන් වයිට්’ ශ්‍රවණාගාරයේ දී ඊයේ පෙරවරුවේ කැඳවා තිබුණි.
ඒ සඳහා සහභාගිවී සිටියේ ක්‍රීඩා සමාජ නියෝජිතයන් ඉතා සුළු පිරිසක් බැවින් මෙම විශේෂ මහ සභා රැස්වීම කැඳවීමේ උත්සහය අද අත්හැර දැමීමට එහිදී තීරණය කර තිබේ.
එල්ලේ සම්මේලනයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජ ගණන 150 කට වැඩිය. අවසන් වරට සංවිධානය කළ තවමත් අවසන් නැති ජාතික එල්ලේ තරගාවලියට (2021) සහභාගි වූ ක්‍රීඩා සමාජ හා කණ්ඩායම් ගණන 128 කි.
ක්‍රීඩා සමාජ බහුතරයක් මේ වනවිට සම්මේලනයේ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ කැඳවීම්වලට ප්‍රතිචාර නොදක්වන තත්ත්වයකට පත්ව ඇත්තේ එම පාර්ශ්ව කෙරෙහි පවතින විශ්වාසය බිඳවැටීම නිසා බව ක්‍රීඩා සමාජ නියෝජිතයෝ පිරිසක් ‘ලංකාදීප’යට පැවසූහ.
එල්ලේ සම්මේලනයේ නිලවරණය (2022-24) කැඳවීමේ දින මේ වනවිට කල් ඉකුත්වී තිබේ. කෙසේවුවත් ‘ලංකාදීප’ය කළ විමසුමක දී වැඩබලන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අනුර මුතුමාල මහතා පැවසුවේ ක්‍රීඩා අමාත්‍යාංශයට ක්‍රීඩා සමාජ ප්‍රතිචාර නොදක්වන්නේ නම් නිලවරණයේ ඉදිරි කටයුතු ක්‍රීඩා පනතට අනුව සිදුකෙරෙන බවයි.
එල්ලේ ක්‍රීඩා සමාජ ආරංචිමාර්ග සඳහන් කරන්නේ මේ වනවිට සම්මේලනයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජ බහුතරයකට සිය නිත්‍යානුකූලභාවය සනාථ කෙරෙන ලියකියවිලි ඉදිරිපත් කිරීමට අපොහොසත්ව සිටින බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.