Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports එල්ලේ නිලවරණය ක්‍රීඩා සමාජ 18කට සීමාවෙයි

එල්ලේ නිලවරණය ක්‍රීඩා සමාජ 18කට සීමාවෙයි

editorial - 2023 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පැවැති විශේෂ මහ සභා රැස්වීමට සහභාගීවී සිටි ක්‍රීඩා සමාජ 18 පමණක් සහභාගී කර ගනිමින් ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ නිලවරණය (2023-25) ලබන මැයි 30 වැනිදාට පැවැත්වීමට දැන් තීරණය වී තිබේ.

ඒ සඳහා නාමයෝජනා කැඳවීම ලබන මැයි 2 වැනිදා දක්වා සිදු කෙරේ. නිලවරණ කමිටුව පත්කර ගැනීම සඳහා ඉකුත්දා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කැඳවූ එල්ලේ සම්මේලනයේ විශේෂ මහ සභා රැස්වීම ක්‍රීඩා සමාජ නියෝජිතයන් 18 දෙනකුට සීමාවූ බව වාර්තා විය.

කෙසේ වුවත් වැඩබලන ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අනුර මුතුමාල මහතා පැවසුවේ එල්ලේ නිලවරණයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම නිලවරණ කමිටුවේ කටයුත්තක් බවයි.

එල්ලේ සම්මේලනයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජ ගණන 150කට ආසන්න වේ. එල්ලේ සම්මේලනයේ කැඳවූ විශේෂ මහ සභා රැස්වීම ක්‍රීඩා සමාජ නියෝජිතයන් 18 දෙනෙකුට සීමා වුවත් දැනට අත්හිටුවා තිබෙන 2021 ජාතික එල්ලේ ශූරතා තරගාවලියට ක්‍රීඩා සමාජ 128ක් සහභාගී වී තිබේ.

කෙසේ වුවත් එල්ලේ සම්මේලනයේ යෝජිත නිලවරණය ක්‍රීඩා සමාජ 18කට සීමාවුවහොත් 2021 ජාතික තරගාවලියේ තවදුරටත් තරග වදිමින් සිටින ක්‍රීඩා සමාජ ගණනාවක එල්ලේ සම්මේලනයේ සාමාජිකත්වයද අහෝසි වනු ඇතැයි වාර්තා වේ.

මේ අතර එල්ලේ සම්මේලනයේ හිටපු සභාපති ජයතිස්ස රුද්‍රිගු මහතා ඊයේ (25) වැඩබලන ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අනුර මුතුමාල මහතා මුණගැසී තිබෙන අතර එහිදී ඔහු පෙන්වාදී ඇත්තේ අවම ක්‍රීඩා සමාජ ගණනාවක සහභාගීත්වයෙන් කැඳවෙන එල්ලේ සම්මේලනයේ නිලවරණය ප්‍රශ්න රැසකට තුඩුදිය හැකි බවයි.

කෙසේවුවත් තමන් මෙවර නිලවරණයට ඉදිරිපත් නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.


අදහස් (0)

එල්ලේ නිලවරණය ක්‍රීඩා සමාජ 18කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.