Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
මූල්‍ය වංචා කීපයක් කර ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සභාපති ජයතිස්ස රුද්‍රිගු මහතා එහි ඉහළ වගකීම් දරන නිලධාරියෙකුට එරෙහිව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට පැමිණිලි කර තිබේ.
එල්ලේ සම්මේලනයේ පසුගිය කාලයේ සංවිධානය කළ තරගාවලි කීපයක් භාරව කටයුතු කර ඇති චෝදනාලාභි නිලධාරියා එහිදී වියදම් සඳහා ලබාගත් බව කියන එල්ලේ සම්මේලනයේ මුදල් අවභාවිතා කර ඇතැයි සභාපතිවරයාගේ පැමිණිල්ලේ දැක්වේ. ඒ අතර තරග අයදුම්පත් ගාස්තු ඔහුගේ පෞද්ගලික ගිණුමකට බැර කර ඇතැයිද අදාළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
කෙසේ වුවත් එල්ලේ සම්මේලනයේ වත්මන් විධායක සභාවේ පසුගිය කාලයේ උද්ගත වූ බව කියන මත ගැටුම් හමුවේ එහි ප්‍රධාන ලේකම් ප්‍රියන්ත මද්දුමගේ මහතා ඉකුත්දා ඉල්ලා අස්වූ බවද වාර්තා වේ.
ඒ වෙනුවට උපලේකම් චමින්ද ජගත් කුමාර මහතා ලේකම් ධූරයේ වැඩ බැලීමට පත් කර තිබේ.
චෝදනාලාභි නිලධාරියා දීර්ඝ කාලයක් තිස්සේ එල්ලේ සම්මේලනයේ තනතුරු හොබවන්නෙකි.
“එල්ලේ සම්මේලනයේ සභාපතිවරයා ලෙස පත්වෙලා ආවට පස්සේ එහි කටයුතු පවත්වාගෙන යන්න තරගාවලි පවත්වන්න මගේ පෞද්ගලික මුදලුත් යෙදෙව්වා.
පසුගිය කාලයේ සම්මේලනය වැඩසටහන් සඳහා යොදවපු මුදල් වියදම් කිරීමේදී වංචා කීපයක් අපට හෙළිවුණා. ඒ නිසා මම ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත ඒ සම්බන්ධයෙන් ලිඛිතව පැමිණිල්ලක් බාර දුන්නා. ඒ ගැන විමර්ශනයක් සිදු වේවි කියලා මම විශ්වාස කරනවා.’’ යයි මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී එල්ලේ සම්මේලනයේ සභාපති ජයතිස්ස රුද්‍රිගු මහතා පැවසීය.
මේ අතර එම නිලධාරියාට එල්ල වී ඇති තවත් චෝදනාවක් වන්නේ සම්මේලනයේ පසුගිය ගිණුම් වාර්තාවක් විගණනය කර දීම සඳහා සම්මේලනයෙන් මුදලක් ලබා ගත් නමුත් එම කටයුත්ත ඉටුකරදී නැති බවයි.
වසර 2020 අගෝස්තු 29 වැනිදා පැවති නිලවරණයෙන් පත් වූ එල්ලේ සම්මේලනයේ වත්මන් විධායක සභාවේ නිල කාලය ලබන මැයි 31 වැනිදා නිමාවට පත්වීමට නියමිතය. එළඹෙන නිලවරණය (2022-24) සඳහා තමන් ඉදිරිපත්වීම ගැන මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයිද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.