Last Update  :  2025-04-07 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඔලිම්පික් කමිටු සභාපතිගේ පැමිණිල්ලට විරෝධය

ඔලිම්පික් කමිටු සභාපතිගේ පැමිණිල්ලට විරෝධය

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක‍්‍රීඩා පනතේ විධිවිධාන තුළින් ජාතික ඔලිම්පික් කමිටුවේ ස්වාධීනත්වයට යම් බලපෑමක් එල්ල වී ඇතැයි එහි සභාපතිවරයා අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට කළ පැමිණිල්ලට මෙරට සියලූම ජාතික ක‍්‍රීඩා සංගම් වෙතින් විරෝධය පළ කෙරෙනු බව ක‍්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එහිදී ජාතික ඔලිම්පික් කමිටුවට අයත් ජාතික ක‍්‍රීඩා සංගම් පමණක් නොව අනෙකුත් ජාතික ක‍්‍රීඩා සංගම් ප‍්‍රධානීන්ද ඊයේ (4) ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා මුණ ගැසීමට පැමිණ ඒ සම්බන්ධයෙන් සිය විරෝධය පළකර සිටි බවද එම මාධ්‍ය නිවේදනයේ දැක්වේ.
ජාතික ක‍්‍රීඩා සංගම් ප‍්‍රධානීන්ගේ එම හමුවේදී අදහස් දක්වා තිබෙන කීඩා ඇමැතිවරයා 1973 අංක 25 දරණ ක‍්‍රීඩා පනතට නව රෙගුලාසි හඳුන්වාදීමට තමා කටයුතු කළේ ජාතික ක‍්‍රීඩා සංගම් දිගින් දිගටම කරන ලද ඉල්ලීමකට අනුව බවය.

දේශපාලනය හා ක‍්‍රීඩාව යනු ඉසව් දෙකක් බැවින් ඊට මැදිහත් නොවුණු තමා හැමවිටම ක‍්‍රීඩාව නිවැරදිව ගෙනයන්නට දැරූ උත්සාහයේදී තමන්ට වැරදි චෝදනාවක් එල්ල වී තිබෙන්නේ මෙරට ක‍්‍රීඩාවේ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් දියත්ව තිබෙන අවස්ථාවකදී බව එහිදී ඇමැතිවරයා පෙන්වාදී තිබේ.

ක‍්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව ක‍්‍රීඩා ඇමැතිවරයා හා පෙරේදා සාකච්ඡුාවට එක්වූ ජාතික ක‍්‍රීඩා සංගම් ප‍්‍රධානීන් කීප දෙනෙකු ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයාගේ ක‍්‍රියා කලාපයට එරෙහිව අදහස් දක්වා තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු ලේකම් එච්. යූ. සිල්වා මහතා එහිදී අදහස් දක්වමින් පවසා ඇත්තේ කමිටුවේ විධායක සභාවේ අනුමැතියකින් සිදුවන බව කියන ඇතැම් කරුණු සම්බන්ධයෙන් ඇමැතිවරයා දැනුම්වත් කිරීමට තමා සූදානම් බවය.

එහිදී ජාතික ක‍්‍රීඩා සංගම්වල ස්වාධීනත්වයට එල්ල විය හැකි රෙගුලාසි ඉවත් කිරීමට ක‍්‍රීඩා ඇමැතිවරයා ලූසාන් සාකච්ඡුාවේදී එකඟවීම ගැන හිටපු ලේකම්වරයා ප‍්‍රශංසාව පළ කර තිබේ.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, විදෙස් රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා සාකච්ඡවේදී පවසා ඇත්තේ ක‍්‍රීඩා පනතේ රෙගුලාසි සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂව ඡන්ද 225ම හිමිවූ බවය.

එම රෙගුලාසි සංශෝධනවලින් යම් ගැටළුවක් මතුවේ නම් ඒ පිළිබඳව ක‍්‍රීඩා ඇමැතිවරයා සමග සාකච්ඡුා කළ යුතු බවට ඔලිම්පික් කමිටුවේ විධායක සභාව යෝජනාකර සිටි බවත් වොලිබෝල් සභාපතිවරයා සාකච්ඡුාවේදී පෙන්වා දී තිබේ. ඔලිම්පික් කමිටුවේ ගිණුම් වාර්තා විගණනය කිරීම ගැන කමිටුවෙන් කිසිදු විරෝධතාවයක් පැන නොනැගුණු බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබේ.

ලූසාන් සාකච්ඡුාවට එක්වූ ක‍්‍රීඩා ඇමැතිවරයා වඩාත් නම්‍යශීලීව කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩාව අවදානම්කාරී තත්ත්වයකින් මුදාගැනීමට හැකිවූ බවත් මෙම ප‍්‍රශ්නයේදී ඇමැතිවරයා වඩාත් ආවේගශීලි වූයේ නම් මෙරට ක‍්‍රීඩාව තහනම් කිරීමට පවා ඉඩ ප‍්‍රස්ථා ඇති වී තිබුණු බවත් ක‍්‍රීඩා ඇමැතිවරයා හා පැවැති සාකච්ඡවේදී ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමයේ විධායක සභික ඩයන් ගෝමස් මහතා පැවැසීය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා මෙම සාකච්ඡුාවට එක්වෙමින් පවසා ඇත්තේ මෙම සිද්ධියේදී ඔලිම්පික් කමිටු සභාපතිවරයාගේ අත්තනෝමතික ක‍්‍රියා කලාපය හෙළා දකින බවත්ය. මාධ්‍ය නිවේදනයේ දැක්වෙන පරිදි සාකච්ඡුාවට එක්වූ ජාතික ක‍්‍රීඩා සංගම් ප‍්‍රධානීන් රැුසක් ඇමැතිවරයාට සහය පළ කරමින් අදහස් දක්වා තිබේ.


අදහස් (0)

ඔලිම්පික් කමිටු සභාපතිගේ පැමිණිල්ලට විරෝධය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.