Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඔලිම්පික් ගමනට මිලියන 38 ක්

ඔලිම්පික් ගමනට මිලියන 38 ක්

editorial - 2021 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්‍ඩායම සඳහා රුපියල් මිලියන 38ක වියදමක් දැරීමට ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපත් වෙයි.

ජපානයේ ‘ටෝකියෝ’ නුවර දී ලබන ජූලි 23 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වෙන ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු ඇතුළුව ඔවුන්ගේ පෞද්ගලික පුහුණුකරුවන් නව දෙනෙකු ද පරිවාර නිලධාරීන් අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වනු ඇතැයි අපේක්ෂාවෙන් ක්‍රීඩා අමාත්‍යංශය මෙම වියදම් ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබේ.

ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වෙමින් ජපානයේ රැඳී සිටින කාල සීමාව තුළ එක් දිනක් සඳහා ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට ඇමරිකානු ඩොලර් 40ක දීමනාවක් ගෙවන බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි. ඔවුන්ට ජපානයට යාමට සහ නැවත මෙරටට ළඟාවීම සඳහා ව්‍යාපාරික පංතියේ ගුවන් ප්‍රවේශපත්‍ර ලබා දේ.

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි, ක්‍රීඩා අමාත්‍යාංශය ටෝකියෝ නුවර බලා යන ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රාහය ලබාදීමේ දී ප්‍රවේශ පත්‍ර ලබාදීම හැරෙන්නට ක්‍රීඩකයන්ගේ පුහුණුකරුවන් සඳහා ද ඇමරිකානු ඩොලර් 40 ක දෛනික දීමනාවක් ගෙවන අතර, ඔවුන්ට අමතර ඩොලර් 5000ක විශේෂ දීමනාවක් ද ලබාදීමට යෝජිතය.

ටෝකියෝ ඔලිම්පික් උළෙලට එක්වීම සඳහා ඇමරිකාව, තායිලන්තය හා ජර්මනියේ සිට කෙළින්ම එහි ළඟාවන ශ්‍රී ලාංකික පිහිනුම් ක්‍රීඩකයාට හා ක්‍රීඩිකාවටත්, තුරග තරග ක්‍රීඩිකාවටත් ව්‍යාපාරික පංතියේ ගුවන් ප්‍රවේශපත්‍ර ලබාදෙන අතර ඔවුන්ගේ ක්‍රීඩා ආම්පන්න ගුවන් මගින් ටෝකියෝ නුවරට ගෙන්වා ගැනීමේ වියදම් ද ක්‍රීඩා අමාත්‍යාංශය මගින් දරනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා රක්‍ෂණ ආවරණ ලබාදීම ද මෙම ඇස්තමේන්තුගත වියදමට අන්තර්ගතය.

 

- 223


අදහස් (0)

ඔලිම්පික් ගමනට මිලියන 38 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.