Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
අන්තර්ජාලය ඔස්සේ පැවති පළමු ආසියනු යොවුන් කාන්තා රැපීඩ් චෙස් තරගාවලියේ වයස 10න් පහළ කාන්තා අංශයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට රත්නපුර පර්ගිසන් විද්‍යාලයේ ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන සමත්වූවාය. ඒ පැවති තරග වට නවයෙන් ලකුණු 7ක් ලබා ගනිමිනි.
ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන මේ වසරේ අන්තර් ජාලය ඔස්සේ පැවති වයස 10න් පහළ කාන්තා ඉසව්ව නියෝජනය කරමින් චෙස් තරගාවලි තුනෙන් පිට පිටම ලබා ගත් තෙවැනි පදක්කම මෙයයි. ඇය මීට පෙර පැවති ලෝක ඔලිම්පියාඩ් චෙස් තරගාවලියේදී රන් පදක්කමද ඊට පසුව පැවති බටහිර ආසියානු චෙස් තරගාවලියේදී ද රන් පදක්කම දිනා ගත්තාය.
රටවල් 21ක වයස 18න් පහළ, 16න් පහළ, 14න් පහළ, 12න් පහළ, 10න් පහළ, 8න් පහළ ආසියානු යොවුන් ක්‍රීඩිකාවන් අතර මේ තරගාවලිය අන්තර්ජාලය ඔස්සේ ඔක්තෝම්බර් මස 22 සිට 24 දක්වා තෙදිනක් පැවැත්විණ.
වයස 10න් පහල කාන්තා තරගාවලියේදී පැවති තරග වට නවයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනා වන රත්නපුර පර්ගිසන් විද්‍යාලයේ ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන හා කොළඹ ආරක්ෂක විද්‍යාලයේ අරුන්දි බැමිනිවත්ත තරග වට නවයෙන් ලකුණු හත බැගින් සම ලකුණු ලබා සම ශූරියෝ වූහ. එහෙත් චෙස් ක්‍රීඩාවේ සම තත්ත්වය බිදීමේ ක්‍රම වේදයට අනුගත වීම නිසා ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධනට තෙවැනි ස්ථානය හිමිවිය.
මේ තරගාවලියේ වයස 14න් පහල කාන්තා අංශය නියෝජනය කළ කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයේ සන්දුලා දහම්දි සිව් වැනි ස්ථානය දිනාගත් අතර තරගාවලියට සහභාගීවූ අනෙක් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට ඒ හා සමාන දක්ෂතා දැක්වීමට නොහැකි විය.
පළමුවැනි ආසියානු යොවුන් පිරිමි චෙස් තරගාවලිය ඔක්තෝම්බර් මස 29 සිට 31 දක්වා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.