Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
අන්තර්ජාලය ඔස්සේ පැවති ලෝක යොවුන් අධිවේගී චෙස් තරගාවලියේ වයස 10 න් පහළ කාන්තා රන් පදක්කම දිනා ගැනීමට රත්නපුර ෆර්ගියුෂන් බාලිකා විදුහලේ ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන සමත්වූවාය.
අන්තර්ජාලය ඔස්සේ පැවති ලෝක යොවුන් චෙස් තරගාවලියක රන් පදක්කම දිනාගත් පලමු ශ්‍රී ලංකා චෙස් ක්‍රීඩිකාව ලෙස ඔෂිනි සිය නාමය ශ්‍රී ලංකා චෙස් ක්‍රීඩා ඉතිහාස පොතේ ලියවා ගත්තාය.
කොවීඩ් -19 ව්‍යසනය නිසා ලෝක චෙස් සම්මේලනය මෙවර ලෝක යොවුන් වේගි චෙස් තරගාවලිය අන්තර් ජාලය ඔස්සේ පැවත්වීමට කටයුතු කළේය. ඒ අනුව මේ තරගාවලිය වයස 8න් පහළ 10න් පහළ 12න් පහළ 14න් පහළ සහ 16න් පහළ ලෙස වයස් කාණ්ඩ පහක් යටතේ, බාලක - බාලිකා ලෙසින් තරග ඉසව් දහයක් වශයෙන් පැවැත්විණ.
මෙම ලෝක යොවුන් චෙස් තරගාවලියට තේරීම් තරගාවලියකින් තෝරාගත් ශ්‍රී ලංකා චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝරැසක්ම සහභාගීවූහ.
ඒ අතරින් තරගාවලිය ආරම්භයේ සිටම ලෝකයේ අනෙක් රටවල වයස 10න් පහළ චෙස් ක්‍රීඩිකාවන් අභිබවමින් ලෝක යොවුන් වේගී චෙස් තරගාවලියේදී ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන වයස 10න් පහළ කාන්තා ශූරතාව දිනා ගත්තාය.
රන් පදක්කම දිනා ගත් ඔෂිනි ගුණවර්ධනගේ දක්ෂතාව ඇගයීම වස් ඇයට රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් ලබාදෙන බව ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතා පැවසීය.
ඔෂිනි ගුණවර්ධනගේ පුහුණුකරුවනුයේ අකිල කාවින්ද මහතාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.