Last Update  :  2025-01-24 19:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කන්ද උඩරට නිල් මහ සටන හෙට - අනිද්දා

කන්ද උඩරට නිල් මහ සටන හෙට - අනිද්දා

රොෂාන් ගුණරත්න - 2019 මාර් මස 07 167 Views 0 Comment
A A A

මහනුවර ත්‍රිත්ව විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර 102 වැනි වරටත් පැවැත්වෙන ‘කන්ද උඩරට නිල් මහ සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය හෙට (8 වැනිදා) සහ අනිද්දා (9 වැනිදා) ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 


මෙම මහ ක්‍රිකට් තරගය 1914 වසරේදී ආරම්භ වූ අතර මෙතෙක් පැවති තරගවලදී ජයග්‍රහණ 23 ක් අත්කර ගැනීමට ත්‍රිත්ව විදුහලත්, ජයග්‍රහණ 11 ක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහලත් සමත්ව සිටියි. සෙසු තරග සියල්ල ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. 


ත්‍රිත්ව විදුහල අවසන් වරට නිල් මහ සටන ජයගෙන ඇත්තේ 2012 වසරේදී නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වය යටතේය. ඒ වසර 26 කට පසුය. දික්වැල්ලට පෙර ත්‍රිත්ව විදුහල පූර්ණ ජයග්‍රහණයක් කරා මෙහෙයවනු ලැබ ඇත්තේ 1986 වසරේදී තුෂාර වීරසූරිය විසිනි. 


ශාන්ත අන්තතෝනි විදුහල අවසන් වරට මහ තරගය ජයගත්තේ 1992 වසරේදී උමේෂ් ද අල්විස්ගේ නායකත්වයෙනි. 
මෙවර මහ ක්‍රිකට් තරගයේදී ත්‍රිත්ව විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පුබුදු බණ්ඩාරට හිමිව ඇති අතර ශාන්ත අන්තෝනි විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව තීක්ෂ ගුණසිංහට හිමිව තිබේ. කවිෂ්ක සේනාධීර සහ තමාෂන අබේකෝන් පිළිවෙලින් ඔවුන්ගේ උපනායකයෝ ලෙස කටයුතු කරති. 


අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරග වදින ත්‍රිත්ව විදුහල, මෙවර තරග සමයේ තරග 17 කට සහභාගි වී ඇති අතර ඉන් තරග 6 කදී පූර්ණ ජයග්‍රහණ අත්කරගෙන තිබේ. සෙසු තරග 12 න් 6 කදී පළමු ඉනිමේ ජයග්‍රහණ ලැබූ ත්‍රිත්ව විදුහල අපරාජිත කණ්ඩායමකි. 


අන්තර් පාසල් තරගාවලියේ II වැනි කොටසට එක්ව සිටින ශාන්ත අන්තෝනි විදුහල මෙවර තරග සමයේ තරග 14 කට සහභාගි වී පූර්ණ ජයග්‍රහණය 7 ක් අත්කරගෙන තිබේ. සෙසු තරග 7 න් 5 කදී පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ඇති ශාන්ත අන්තෝනි විදුහල තරග 2 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබේ. 


කුමාර් සංගක්කාර, රවී රත්නායක, ග්‍රැහැම් ලැබ්රෝයි, කෞෂල්‍ය වීරරත්න සහ නිරෝෂන් දික්වැල්ල ත්‍රිත්ව විදුහලෙන්ද, මුත්තයියා මුරලිදරන්, මහේෂ් ගුණතිලක, පියල් විජේතුංග, මාලන් වොන්හාට්, රුවන් කල්පගේ සහ සජිත් ප්‍රනාන්දු ශාන්ත අන්තෝනි විදුහලෙන්ද ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් දිනාගත් ක්‍රීඩකයෝ වෙති. 


ත්‍රිත්ව විදුහල් සංචිතය 

පුබුදු බණ්ඩාර (නායක), කවිෂ්ක සේනාධීර (උප නායක), අවිෂ්ක සේනාධීර, අශාන් ලොකුකැටිගේ, අභිෂේක් ආනන්දකුමාර, උමර් රයිසාන්, ශානුක කුමරසිංහ, රුවින් පීරිස්, උවිඳු විමලධර්ම, ෂේන් ගුණතිලක, අග්බෝ අමරසිංහ, නාජිත විජේසුන්දර, රනුධ සෝමරත්න, ජෙෆ් වීරසිංහ, දීමන්ත බණ්ඩාර, කවිඳු ඩයස්, දුනිත සිරිවර්ධන, ශෂිධරන් කවීන්, පසන් කුලරත්න සහ රන්මල් නාරම්පනාව

ෂේන් ද සිල්වා (ක්‍රීඩා පාලක), ධම්මික කුලතුංග (ක්‍රීඩා භාර ආචාර්ය) සහ කාවින්ද ජයසූරිය (පුහුණුකරු) 


ශාන්ත අන්තෝනි විදුහල් සංචිතය 

තීක්ෂ ගුණසිංහ (නායක), තමාෂන අබේකෝන් (උප නායක), කල්හාර සේනාරත්න, ගිහාන් අචින්ත, සසිත් හිරුදික, නිමංක ජයතිලක, එම්. රුක්ෂාන්, ප්‍රමෝදිත් පණ්ඩිතරත්න, ගයාන් සමරසිංහ, එම්. කමිල්, චාමික සමරසිංහ, අසිත වන්නිනායක, චමිඳු වික්‍රමසිංහ, දයාන් පංකජ, ලසිත වැරැල්ලගම, ජී.ඒ. ඊබට්, තරිඳු ලමාහේවගේ, නිලුක්ෂාන් උදයකුමාර, ප්‍රභාත් සචින්, ශෙනල්ක අබේවර්ධන

ලෙනින් ජයසිංහ (ක්‍රීඩා භාර ආචාර්ය), සුනෙත් ගුණතිලක (පුහුණුකරු) 

 


අදහස් (0)

කන්ද උඩරට නිල් මහ සටන හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.