Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමට ත්‍රිත්ව පිලට සිදුවූ නමුත් කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩාංගණයට වර්ෂාව ඇද හැළීම නිසා 102 වැනි ‘කන්ද උඩරට නිල් මහ සටන’ ජය පරාජයෙන් තොරව අද (9 වැනිදා) අවසන් විය.
පිටිය මැදට පිවිසි දෙපිලේ ආධාරකරුවන්ගේ ඇඟේ වැදීම නිසා ත්‍රිත්ව නායකයා තුවාල ලැබී යයි ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් ත්‍රිත්ව දෙවැනි ඉනිම ආරම්භ කිරීම තරමක් පමා විය. විදුහල්පතිවරුන් දෙදෙනාගේත් මැදිහත් වීමෙන් පසුව තරගය නැවත ආරම්භ කිරීමට සූදානම් වූ නමුත් වර්ෂාව හේතුවෙන් ත්‍රිත්ව දෙවැනි ඉනිමේදී එකම පන්දුවක් හෝ යැවිය නොහැකි විය.
වමතින් පා දඟ පන්දු යැවූ නිම්නක ජයතිලකගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් ත්‍රිත්ව මුල් ඉනිම ලකුණු 173 කට සීමා විය. නිම්නකට අනගි සහයක් දුන් සසිත් හිරුදික ලකුණු 08 කට කඩුලු 3 ක් දවාගත්තේය.
වමත් ආරම්භක පිතිකරු චමිඳු වික්‍රමසිංහගේ (128) දක්ෂ පිතිහරඹය හේතුවෙන් පළමුවෙන් පන්දුවට පරහදුන් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 298 ක් ලබාගත්තේය. පළමු දිනය අවසානයේ තරගය නතර කරන විට ත්‍රිත්ව විදුහල කඩුල්ලක් දැවී ලකුණු 20 ක් ලබා සිටියද දෙවැනි දිනය වූ අද වැඩිපුර යමක් කළ නොහැකි විය.
කාසියේ වාසිය දිනූ ශාන්ත අන්තෝනි නායක තීක්ෂ ගුණසිංහ පළමුවෙන් පන්දුවට පහරදීමට ගත් තීරණයට සාධාරණය ඉටුකළ ආරම්භක පිතිකරු චමිඳු වික්‍රමසිංහ පන්දු 190 කදී ලකුණු 128 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමගිනි. අසිත වන්නිනායක (54) සමග එක්ව ශාන්ත අන්තෝනි විදුහල් ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 114 කදී ලකුණු 88 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද චමිඳු සමත් විය. පන්දු 66 කදී වාර්තා වූ අසිතගේ අර්ධ ශතකයද හතරේ පහර 11 කින් සමන්විත විය.
ඉන් නොනැවතුන චමිඳු තෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක තීක්ෂ ගුණසිංහ (25) සමග එක්ව ලකුණු 61 ක්ද, සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලසිත් වැරැල්ලගම (21) සමග එක්ව ලකුණු 76 ක්ද එක්කරමින් ශාන්ත අන්තෝනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
ත්‍රිත්ව උප නායක කවිෂ්ක සේනාදීර ලකුණු 98 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූ අතර අභිෂේක් ආනන්දකුමාර කඩුලු 2 ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 77 ක් ලබා දෙමිනි.
ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 76 කදී කඩුලු 8 ක් දැවී 298
(චමිඳු වික්‍රමසිංහ 128, අසිත වන්නිනායක 54, තීක්ෂ ගුණසිංහ 25, ලසිත් වැරැල්ලගම 21, තමාෂන අබේකෝන් 21, කවිෂ්ක සේනාදීර 98/4, අභිෂේක් ආනන්දකුමාර 77/2)
ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - ඕවර 72.1 කදී සියලු දෙනා දැවී 173 යි
(පුබුදු බණ්ඩාර 60, චනුල කුමාරසිංහ 33, නිම්නක ජයතිලක 57/5, සසිත් හිරුදික 08/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.