Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
මෙම මස 9 වැනිදා සිට 12 වැනිදා දක්වා මාලදිවයිනේ මාලේ නුවරදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු කනිෂ්ඨ සහ ආධුනික මේසපන්දු තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගීත්වය තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වේ.
සත්කාරක මාලදිවයින, ඉන්දියාව, පාකිස්තානය, භූතානය, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල් 6 සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබූ අතර ශ්‍රී ලංකාව හැරුණුකොට සෙසු රටවල් 5 ම මේ වනවිට තරගාවලිය සඳහා සිය සහභාගීත්වයන් තහවුරු කර තිබේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සභාපතිවරයාගෙන් කළ විමසුමකදී ඔහු ‘ලංකාදීප’යට කියා සිටියේ ඩොලර් අර්බුදය හේතුවෙන් උක්ත තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි කරවීම ඉතා ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බවය.
කෙසේ වුවත් දිගින් දිගටම ක්‍රීඩා අමාත්‍යංශය සමග ඒ පිළිඹඳව සාකච්ඡා කරන බවද, ඉතා ඉක්මනින් සංගමයේ විධායක කමිටු රැස්වීමක් කැඳවා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි කරවන්නේද, නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද ලේකම් වරයා වැඩිදුරටත් කියා සිටියේය.
තරගාවලිය සඳහා තෝරාගනු ලැබ ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයන් 7 දෙනකුගෙන් සහ ක්‍රීඩිකාවන් 7 දෙනකුගෙන් සමන්විත වේ. ඊට වයස 19 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙක්ද, වයස 15 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙක්ද ඇතුළත්ව සිටිති.
බුද්ධික දික්කුඹුර සහ ලක්ෂාන් හර්ෂණ යන මහත්වරු පුහුණුකරුවන් ලෙස කණ්ඩායමට එක්ව සිටින අතර බුද්ධික නියරේපොළ මහතා කණ්ඩායමේ කලමණාකරු ලෙසත්, ශර්මිලා මනෝජිකා මහත්මිය බාලිකාවන් භාර නිලධාරිණිය ලෙසත් කටයුතු කරති.
ශ්‍රී ලංකාවේ සිට මාලදිවයිනට යෑම සහ ආපසු පැමිණීම සඳහා වන ගුවන් ප්‍රවේශ පත්‍රයක මිල මේ වන විට රුපියල් 145,000 ක පමණ අගයක් ගනී. ඒ අනුව මෙම සංචාරයට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන්ගෙන් 18 දෙනාගේ ගුවන් ගමන් සඳහා පමණක් වැය වන මුළු මුදල රුපියල් ලක්ෂ 26 ක් ඉක්මවනු ඇත.
වයස 19 න් පහළ බාලක කණ්ඩායම
චනුල් දුල්සේන්, ධනුෂ්ක විජේසිංහ, තිසස් රංචාගොඩ සහ හිරුණ වරුසවිතාන
වයස 19 න් පහළ බාලිකා කණ්ඩායම
බිමන්දි බණ්ඩාර, අයිලා චිට්ටි, මනීෂා ශාලින්දි සහ සඳුනි ප්‍රබුද්ධිකා
වයස 15 න් පහළ බාලක කණ්ඩායම
දෙව්මෙත් වීරසේන, ජනිත් බටුගෙදර සහ ඩිරාන් හාමර්
වයස 19 න් පහළ බාලිකා කණ්ඩායම
ලෙසන්‍යා සෙතුමදී, ටමාදි කාවින්ද්‍යා සහ ඉමල්ෂා සෙව්මිණී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.