Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කබඩි පුහුණුකරු පාඨමාලාවට අයදුම්පත්

කබඩි පුහුණුකරු පාඨමාලාවට අයදුම්පත්

editorial - 2022 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය විශේෂඥ කබඩි පුහුණුකරු කේ. බාස්කරන් මහතා මෙහෙයවන කබඩි පුහුණුකරු අදියර -1 පුහුණු පාඨමාලාව සඳහා සහභාගි වන්නන්ගෙන් ලබන ජුලි 2 වැනිදා දක්වා අයදුම්පත් බාර ගැනේ.

මෙම පුහුණු පාඨමාලාවේ න්‍යායාත්මක දේශන හා වැඩ මුළු ‘සූම්’ තාක්ෂණය ඔස්සේ දිවයිනේ මධ්‍යස්ථාන පහකදී පැවැත්වීමට කටයුතු  යොදා තිබේ.

කබඩි පුහුණුකරුවන්ට ලියාපදිංචිය, ශ්‍රේණිගත තත්ත්වය ලබා ගැනීමට මෙන්ම ජාත්‍යන්තර කබඩි පුහුණුකරුවෙකු වීමේ පළමු පියවර ලෙසත් මෙම පාඨමාලාව හැදැරීමෙන් ප්‍රයෝජන රැසක් අත්වන බව ශ්‍රී ලංකා කබඩි සම්මේලනය අවධාරණය කරයි.

 බාස්කරන් මහතා ඇතුළු ජාතික ක්‍රීඩා විද්‍යාතනයේ ප්‍රවීණ දේශකයන්ගේ සහභාගිත්වයෙන් මෙම පාඨමාලාව පැවැත්වේ.

ඒ සඳහා පළමුව අයැදුම් කිරීමේ අනුපිළිවෙල අනුව අපේක්ෂක අපේක්ෂිකාවන් 80 දෙනකු පමණක් තෝරා ගන්නා බවත් කබඩි සම්මේලනය පවසයි.

අයදුම්පත් 0717954729 යන වට්ස්ඇප් අංකයට යොමු කළ යුතුය.

- 223 


අදහස් (0)

කබඩි පුහුණුකරු පාඨමාලාවට අයදුම්පත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.