Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කබඩි සංචිත දෙකම විසුරුවා හරී

කබඩි සංචිත දෙකම විසුරුවා හරී

editorial - 2021 නොවැ මස 01 56 Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ක්‍රීඩකයන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව තහවුරු කර ගැනීමත් සමග නේවාසිකාගාර ගත කර තිබූ ජාතික කාන්තා හා පිරිමි කබඩි සංචිත දෙක සති දෙකක කාලයකට විසුරුවා හැරීමට ශ්‍රී ලංකා කබඩි සම්මේලනය අද (1) පියවර ගත්තේය.

ජාතික කාන්තා හා පිරිමි කබඩි සංචිත දෙකේ සේවය සඳහා නොබෝදා මෙරටට කැඳවූ ඉන්දීය කබඩි විශේෂඥ පුහුණුකරු කේ. බාස්කරන් මහතාද ඉදිරි සති දෙකක කාලයක් සඳහා නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

ලබන වසරට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් 18 දෙනෙකු බැගින් වන ජාතික කාන්තා හා පිරිමි කබඩි සංචිත දෙක සති කිහිපයකට පෙර සිට ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ නව නේවාසිකාගාරයේ සිට ක්‍රියාත්මක වෙමින් තිබුණි. පිරිමි සංචිතයේ ක්‍රීඩකයන් දෙදෙනෙකු අසනීප වීමෙන් පසුව පැවැති පී.සී.ආර්. පරීක්ෂාවේදී ඔවුන් කොවිඩ් ආසාදිතයන් ලෙස තහවුරු වූ බව  ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ඉන්දීය කබඩි පුහුණුකරු කේ. බාස්කරන් මහතා යටතේ ජාතික සංචිතයන්හි පුහුණුවීම් ආරම්භ කිරීමට සූදානම්ව තිබියදී මෙම කොවිඩ් ආසාදිතයන් සම්බන්ධයෙන් වාර්තා වූ බවයි. ඒ අනුව සංචිතයෙන් පසු සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිවෙස් බලා පිටත් කර හැරීමට කබඩි සම්මේලනය පියවර ගෙන තිබේ.

මීට පෙර අවස්ථාවලදී නේවාසිකාගාරගත කර සිටි ජාතික වොලිබෝල් (පිරිමි) සංචිතයේ සියලු ක්‍රීඩකයන් කොවිඩ් හා ඩෙංගු උණ ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමෙන් පසුව එම සංචිතය ද විසුරුවා හැරීය. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ආසියානු ශූරතා තරග සංචාරයද අත්හැර දැමීය.

 


අදහස් (0)

කබඩි සංචිත දෙකම විසුරුවා හරී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.