Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කළුතර මහ විදුහල සහ කළුතර තිස්ස මැදි මහ විදුහල අතර 61 වැනි ‘මැංගුස්’ සටන මහ ක්රිකට් තරගයට සමගාමීව පැවැති වාර්ෂික එක්දින ක්රිකට් තරගයෙන් කළුතර මහ විදුහල් ක්රීඩකයෝ කඩුලු හතක පහසු ජයක් ලැබූහ.
මෙම තරගය මග්ගොන සරේ ක්රීඩාංගණයේදී අද (31) පැවැත්විණි.
කළුතර මහ විදුහල් ක්රීඩකයෝ ලකුණු 148 ක ජයග්රාහි ඉලක්කය ඕවර 36.4 කදී කඩුලු තුනක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
නායක කවිඳු ගයේෂාන් අනගි ඉනිමක් ක්රීඩා කරමින් පන්දු 80 කදී හතරේ පහර පහක් සමගින් නොදැවී ලකුණු 50 ක් රැස්කරමින් තරගයේ වීරයා සම්මාන ලැබීය.
දිලීෂ් අරුණෝද්ය (23/4) සහ නායක කවිඳු ගයේෂාන් (29/4) දක්ෂ පන්දු යැවීමක නිතර වෙමින් තිස්ස විදුහල් ඉනිම අඩපණ කිරීමට සමත් වූහ.
තිස්ස මැදි මහ විදුහල ඕවර 39.2 කදී සියලු දෙනා දැවී 147
(ඔෂේම් නිමරෝත් 26, රසාංජන අරවිඳු 22, කෝසළ රවිඳු 16, දිලීෂ් අරුණෝද්ය 23/4, කවිඳු ගයේෂාන් 29/4)
කළුතර මහ විදුහල ඕවර 36.4 කදී කඩුලු 3 ට 148
(කවිඳු ගයේෂාන් නොදැවී 50, මිලිඳු සිල්වා 28, අවිෂ්ක ලක්ෂාන් නොදැවී 25, විෂාර ප්රනාන්දු 24)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.