Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා වන නාමයෝජනාවලට එරෙහිව ඉදිරිපත් කර ඇති විරෝධතා විමර්ශනය කළ අභියාචනා කමිටුවේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතා විසින් එහි නිර්දේශ ඇතුළත් වාර්තාව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (06) බාරදෙන ලදී.
අභියාචනා කමිටුව ලබාදුන් නිර්දේශ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
විරෝධතා ඉදිරිපත් කිරීම පසුගිය මස 28 වැනිදා අවසන් වූ අතර අභියාචනා කමිටුවට විරෝධතා 10 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තා විය.
විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය සහ විශ්‍රාමික අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් ධර්මසේන කහඳව මහතා එම කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මේ මස 21 වැනිදා ක්‍රීඩා අමාත්‍යංශ ‘ඩන්කන් වයිට්’ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
අභියාචනා කමිටුවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතා විසින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට වාර්තාව බාරදුන් අවස්ථාව. |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.