Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සබරගමුව පළාත් ජාතික ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වීමට නියමිතව තිබූ ජාතික ක්‍රීඩා උළෙලේ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය ඇතුළු ක්‍රීඩා ඉසව් 6 ක් මාතර කොටුවිල ජාතික ක්‍රීඩා සංකීර්ණයට මාරු කිරීමට ද ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
සබරගමුව ක්‍රීඩා සංකීර්ණයේ ඇතිරීමට නියමිතව තිබූ කෘතිම ධාවන පථයේ ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේ ප්‍රමාදයක් හේතුවෙන් අදාළ ක්‍රීඩා 6 රත්නපුරයෙන් මාතරට මාරු කිරීමට හේතු වූ බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී. විජේරත්න මහතා සදහන් කරයි.
ඒ අනුව වොලිබෝල්, කබඩි, පාපන්දු, බොක්සිං සහ පැසිපන්දු යන ක්‍රීඩා පැවැත්වීමේ ස්ථානද රත්නපුරයෙන් මාතරට මාරුකර ඇත.
43 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරග ලබන සැප්තැම්බර් 15 සිට 18 දක්වා සිවි දිනක් ක්‍රියාකත්මක කෙරෙන අතර ප්‍රධාන ආරාධිත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වය අනුවඑම දින වකවානුද සංශෝධනය වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.