Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් වෙනස් නොවේ

ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් වෙනස් නොවේ

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් තනතුර වෙනස් නොකරන බව තමන් ස්ථිර වශයෙන්ම පවසන බව ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා අද (18) පැවසීය.

ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු නිලධාරීයකු ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට පැමිණිමේ සූදානමක් පවතින බව කළ විමසුමට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා මෙසේ පැවසීය.  

“ඔබ අහන්නේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ගැනනේ. ඔබ ලොකු අකුරෙන් ලියන්න අපි ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉවත් කරන්නේ නෑ” යැයි අද දහවල් පැවැති පුවත් පත් සාකච්ඡාවකදී චූලානන්ද පෙරේරා මහතා පැවසීය.

වර්තමාන ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස ධම්මික මුතුගල මහතා කටයුතු කරයි.

 


අදහස් (0)

ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් වෙනස් නොවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.