Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
බර්මින්හැම් (2022) පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි වෙරළ වොලිබෝල් කණ්ඩායම් දෙක සුදුසුකම් ලේඛනයෙන් නිර්දේශ ලැබූ බැවින් එහි ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් සිව් දෙනාට ගුවන් ප්‍රවේශපත්‍ර සඳහා අනුග්‍රහය දැක්වීමට ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
පසුගිය පෙබරවාරි මාසයේ මීගමුවේදී පැවැති රටවල් පහක් සහභාගී වූ මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේදෙ කාන්තා හා පිරිමි රන් පදක්කම් දෙකම දිනා ගනිමින් ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් කණ්ඩායම් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගත්හ. ඒ අනුව ජූලි 28 සිට අගෝස්තු 8 වැනි දක්වා එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරගාවලියේ කාන්තා ඉසව්ව සඳහා දීපිකා බණ්ඩාර හා චතුරිකා මධුෂානිත්, පිරිමි ඉසව්ව සඳහා මලින්ත යාපා හා අජෙන් මලින්තන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙති.
22 වැනි පොදු රදමඩුලු ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරග මාලාව ජූලි 30 සිට අගෝස්තු 7 වැනිදා දක්වා රටවල් 18 කට අයත් කාන්තා හා පිරිමි කණ්ඩායම් 24කගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
අවසන් වරට පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙරළ වොලිබෝල් (පිරිමි) ඉසව්ව සඳහා පමණක් නිර්දේශ විය. අසංක ප්‍රදීප්, සෂිමාල් යාපා ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී මූලික වටයේ තරග තුනෙන්ම පරාජයට පත්විය.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී සහභාගීත්වය වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගුවන් ප්‍රවේශ පත්‍රයේ වියදම් හැරෙන්නට නවාතැන්, ආහාරපාන සඳහා වන වියදම් තරග සංවිධායකයන් විසින් දරනු ලබයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.