Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ක්‍රීඩා අමාත්‍යාංශයේ අනිසි මැදිහත්වීම් හෙළා දකිනවා

ක්‍රීඩා අමාත්‍යාංශයේ අනිසි මැදිහත්වීම් හෙළා දකිනවා

editorial - 2023 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය හමුව අමතමින්...  අන්තර්ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතාද මෙහි සිටී.


(නාමල් පතිරගේ)

රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ වර්ධනය වෙමින් පවතින දූෂිත ක්‍රියා මැඩලීම සඳහා සහය වන ලෙස ක්‍රීඩා පාර්ශ්ව රැසකින් ජාතික ජන බලවේගයට ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබෙන බව කොළඹදී අද (5) පැවැති පා පැදි ක්‍රීඩා මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතා පැවැසීය.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ කටයුතුවලට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළුව එහි ප්‍රධානීන් අත පෙවීම එහිදී දැඩිව හෙළා දකින බවත් එහිදී වසන්ත සමරසිංහ මහතා පැවැසීය.

පා පැදි සම්මේලනයේ වත්මන් සභාපතිවරයා ලෙස පෙනී සිටිමින් තමන් මෙම මාධ්‍ය හමුව කැඳවන බව මෙම මාධ්‍ය හමුවේ මුලසුන දැරූ අන්තර්ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා පැවැසීය.

ඒ සඳහා සම්මේලනයේ භාණ්ඩාගාරික ලෙස සේනක රණසිංහ, ගම්පහ හා කොළඹ යන දිස්ත්‍රික් පාපැදි සංගම්හි සභාපති ධුර දරන සුමිත් බාලසූරිය, අශෝක කුමාර පෙරේරා, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු උපසභාපතිවරයකු වන බී.ජේ. සුමනසේකර මහතා ඇතුළු පාපැදි ක්‍රීඩා සමාජ රැසක නියෝජිතයෝ සහභාගි වූහ.

මෙම මාධ්‍ය හමුව ඇමතු එන්. කරුණාරත්න මහතා ක්‍රීඩා අමාත්‍යාංශය නොයෙක් ක්‍රමවේද ඔස්සේ තමන් ඇතුළු නිලධාරීන්ට අවලාද නගමින් හා කුරුඳුවත්ත පොලිසියේ පැමිණිලි ඉදිරිපත් කරමින් සිටින බවත් ඒ කුමන බාධකයන් එල්ල වුවත් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපතිවරයා ලෙස තමන් දිගටම පෙනී සිටින බව පැවැසීය.

මා ඇතුළු නිලධාරීන් පිරිසක් මුදල් අක්‍රමිකතා චෝදනා ලබා වැරැදිකරුවන් වී සිටින බවටත් ඔවුන් ප්‍රචාරයක් ගෙන යනවා. අපි පිටරටින් අල්ලස් ගත් අය බවටත් ඒ අය තව කතාවක් ප්‍රචාරය කරනවා. ඒවා ඇතැම් මාධ්‍යයන් වගකීමෙන් තොරව පළ කරනවා.

නමුත් අපි අදටත් මෙරට පා පැදි සම්මේලනයේ බලධාරින්. ඉදිරියේදී ක්‍රීඩා සමාජ යොදවා එහි 2023-24 නිලවරණය කරන්නෙත් අපිමයි. ඒ සඳහා අපට ජාතික ඔලිම්පික් කමිටුවේ මෙන්ම අන්තර්ජාතික පාපැදි සම්මේලනයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා මෙම ප්‍රශ්නයේදී පක්ෂග්‍රාහිව කටයුතු කර තිබෙන බවත් ඔහු පාපැදි සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙන අයෙකු බැවින් මෙම තත්ත්වය නිරීක්ෂණය වී තිබෙන බවත් පැවැසීය.

වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය හමුවේදී මෙසේද පැවැසීය. ‘ක්‍රිකට් ඇතුළු රටේ ක්‍රීඩා පරිපාලනයේ මතුව තිබෙන ප්‍රශ්නවලට මැදිහත් වෙන ලෙස ක්‍රීඩා ක්ෂේත්‍රයේ මේ වනවිටත් ආරාධනා රැසක් අපට ලැබී තිබෙනවා. පාපැදි සම්මේලනයේ කටයුතුවලට මේ ආකාරයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ ප්‍රධානින් අයුතු ලෙස මැදිහත්වීම හෙළි දකිනවා.’


අදහස් (0)

ක්‍රීඩා අමාත්‍යාංශයේ අනිසි මැදිහත්වීම් හෙළා දකිනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.