Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ක්‍රීඩා මහ ගෙදර ඉදිරිපිට විරෝධතා

ක්‍රීඩා මහ ගෙදර ඉදිරිපිට විරෝධතා

editorial - 2024 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජූලි 25 වැනිදා  පැවැත්වීමට නියමිත ශ්‍රී  ලංකා පාපැදි සම්මේලනයේ  නිලවරණයෙන් ඉවත් කර ඇති දිස්ත්‍රික්  සංගම් හා ක්‍රීඩා සමාජ ඊට විරෝධය පාමින් අනිද්දා (15)  පෙරවරු 9 ට   රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශය  ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වීමට සැලසුම්  කර තිබේ.

ඒ සදහා නිලවරණයේදී  ඡන්ද  බලය අහෝසි කර ඇති අනුරාධපුරය, කුරුණෑගල , කළුතර, හා මහනුවර යන දිස්ත්‍රික්  පාපැදි ක්‍රීඩා  සංගම් ඇතුළුව එසේ ඡන්ද බලය අහෝසි  කර  ඇති බව පවසන ක්‍රීඩා සමාජ 16 ක නියෝජිතයන් සහභාගි වීමට නියමිතය.

එහිදී  ක්‍රීඩා ඇමැතිවරයා  හා ක්‍රීඩා  අධ්‍යක්ෂ  ජනරාල්වරයා වෙත වහාම එම ක්‍රියාව වැළැක්වීමට මැදිහත්  වන ලෙස ඉල්ලා සංදේශයක් බාරදීමට නියමිතය.

ඒ පිළිබඳව  ‘ලංකාදීප’යට අදහස්  දැක්වූ මෙම  විරෝධතාව සංවිධානය කරන ශ්‍රී  ලංකා පාපැදි ක්‍රීඩාව රැකීමේ එකමුතුවේ  සංවිධායකයකු වන උපුල් චන්දන ප්‍රියනාත් මහතා පැවැසුවේ පාපැදි  සම්මේලනයේ  හා ක්‍රීඩා  පනත උල්ලංඝනය  කරමින් කවුන්සිල් රැස්වීම්  වාර තුනකට සහභාගි  නොවීම පිළිබදව  චෝදනාවක් නිර්මාණය  කරමින් නිලවරණ කමිටුව  විසින් ක්‍රීඩා සමාජ හා දිස්ත්‍රික්  සංගම් 22 ක් ඉවත් කිරීමට ගත් තීරණය  හෙළා දකින බවයි.

ඒ අතර අධිකරණය හා ක්‍රීඩා අමාත්‍යාංශය  විසින් වැරදිකරුවන් කළ නිලධාරීන්ගේ  නාමයෝජනා පිළිගැනීමෙන් හා සාධාරණ  හේතුන් නොමැතිව ඇතැම් නාමයෝජනා  ප්‍රතික්ෂේප  කිරීමෙන්ද නිලවරණ කමිටුව පක්ෂග්‍රාහිව  කටයුතු කර ඇති බවට මෙහිදී  පාපැදි එකමුතුව චෝදනා  කරයි.

උපුල් චන්දන ප්‍රියනාත් මහතා චෝදනා කරන්නේ නිලවරණය කැදවීමේ පූර්ව  කටයුතු  සංවිධානය  කිරීම සදහා  කැදවූ විශේෂ  මහ සභා රැස්වීම්  තුනටම කැදවීම තුළින්ම ඉහත තහනමට ලක්ව ඇතැයි කියන සංගම් හා ක්‍රීඩා සමාජවල නිත්‍යානුකූලභාවය සනාථ  වන බවයි.

මෙවර නිලවරණය  සාධාරණව පැවැත්වීමට  කටයුතු නොකිරීමෙන් අන්තර් ජාතික පාපැදි  සම්මේලනය ශ්‍රී  ලංකාවට ජාත්‍යන්තර  තරග සහභාගිත්වය සම්බන්ධයෙන්  වසර 2021 සිට පනවා  තිබෙන සීමා  ඉවත් කරවා ගැනීම  තවදුරටත්   ගැටළුවක්ම විය හැකි බව  විරෝධතාව සංවිධානය  කරන පාපැදි  එකමුතුව වැඩිදුරටත්  අවධාරණය  කරයි.

මේ අතර උපුල් චන්දන මහතා පවසන්නේ නිලවරණයේදී  ඡන්ද  බලය හිමි ගාල්ල හා කොළඹ  යන දිස්ත්‍රික්  පාපැදි  සංගම් ඇතුළු ඡන්ද බලය හිමි ක්‍රීඩා සමාජ රැසක්ද මෙම  විරෝධතාවට සහයෝගය පළ කර තිබෙන බවයි.


අදහස් (0)

ක්‍රීඩා මහ ගෙදර ඉදිරිපිට විරෝධතා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.