Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ක්‍රීඩිකාවක් සමග කළමණාකරු අතුරුදන්

ක්‍රීඩිකාවක් සමග කළමණාකරු අතුරුදන්

editorial - 2022 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සුසිල් ප්‍රේමලාල් බර්මින්හැම් සිට) 

එංගලන්තයේ බර්මින්හැම් නුවර දැන් ක්‍රියාත්මක 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පස්වන දිනය වු ඊයේ (අගෝස්තු 1දා) ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවක් සහ නිලධාරීයෙක් අතුරුදහන් වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම් නේවාසිකාගාරයෙන් වාර්තා වන අන්දමට ජූඩෝ කණ්ඩායමේ ක්‍රීඩිකාවක සහ එම කණ්ඩායමේ කළමනාකරු අතුරුදන් වී ඇත.

මෙම ක්‍රීඩිකාව ජූඩෝ කාන්තා මූලික වටයේ තරගයට සහභාගි වි පරාජයට පත්වීමෙන් අනතුරුව අතුරුදහන් වී ඇති බවත් ඒ සමඟම කළමනාකරුගේ අතුරුදන් වීමත් වාර්තා වී ඇති බව සදහන් වෙයි.

මෙම ක්‍රීඩිකා-නිලධාරි අතුරුදහන් වීම සම්බන්ධව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය විසින් බර්මින්හැම්  මෙට්‍රොපොලිටන් පොලීසියට දැනුම් දී මෙන්  ඒ සම්බන්ධව  පරීක්ෂණ ආරම්භ කොට ඇත.

අදාළ සිද්ධිය ශ්‍රී ලංකා කණ්ඩායමේ කණ්ඩායම් ප්‍රධානි මේජර් ජනරාල් දම්පත් ප්‍රනාන්දු  මහතා ඊයේ  පෙරවරුවේ සනාථ කළ අතර සියලු  ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් ගේ පාස්පෝට්  තම භාරයට ගත් බවද හෙතෙම සඳහන් කළේය.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය  ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110ක් සහ නිලධාරීන් 51 දෙනෙකු ගෙන් සමන්විත  කණ්ඩායමක් එංගලන්තයට පැමිණ ඇත. ඊට ජුඩෝ  ක්‍රීඩිකයින් 3ක් සහ ක්‍රීඩිකාවන් 2 ඊට ඇතුළත් වෙති. 

 


අදහස් (0)

ක්‍රීඩිකාවක් සමග කළමණාකරු අතුරුදන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.