Last Update  :  2025-03-27 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කාලය මැනීමේ පාපැදි තරගාවලියට අයැදුම්පත් කැඳවයි

කාලය මැනීමේ පාපැදි තරගාවලියට අයැදුම්පත් කැඳවයි

editorial - 2022 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

‘ආර්. ස්ටැනිස්ලස්’ අභියෝග ශූරතා කාලය මැනීමේ පාපැදි තරඟ මාලාව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙතින් ලබන බ්‍රහත්පතින්දා (3) දක්වා අයැදුම්පත් බාර ගැනේ. තරඟ මාලාව පෙබවරාරි 7 වැනිදා අනුරාධපුරය තිසාවැව අසළ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

අනුරාධපුරය දිස්ත්‍රික් පාපැදි සංගමයේ පළමු සභාපතිවරයා වන අනුරාධපුර ශාන්ත ජෝශප් විදුහලේ හිටපු කිර්තිමත් විදුහල්පතිවරයෙකුවන ආර්. ස්ටැනිස්ලස් මහතාට උපහාර පිණිස එය සංවිධානය කෙරේ. 

අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමයේ වත්මන් සභාපති එන්. කරුණාරත්න මහතාගේ සංකල්පයට අනුව මෙම පාපැදි තරඟමාලාව සංවිධානය කෙරේ.

අනුරාධපුර ‘දිප්ති’ ක්‍රීඩා සමාජය හා ශ්‍රී ලංකා පාපැදි විනිසුරුවන්ගේ සංගමය ඒ සඳහා සහයෝගය දක්වයි. 

පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෞද්ගලිකව සිය දක්ෂතා මැන බැලීම සඳහා අවස්ථාව උදාවන මෙම කාලය මැනීමේ පාපැදි තරඟමාලාව සඳහා සහභාගී වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොමිලේ සුවපහසු නවාතැන් හා ආහාරපාන පහසුකම් සපයා ඇතැයි තරඟ සංවිධායකයෝ පවසති.

ජයග්‍රාහකයන් සඳහා කුසලාන හා සහතික පත් ප්‍රදානය කෙරේ. 

අයැදුම්පත් ජී.එච්. අරුණසිංහ, දීප්ති ක්‍රීඩා සමාජය, 2 කණුව, පුත්තලම පාර, අනුරාධපුරය හෝ වට්ස්ඇප් අංක 0714-95570 හෝ 0716-248189 ඔස්සේ යොමු කළ යුතුය. 0714-195570, හෝ 0716-248189 යන දුරකථන අංක ඔස්සේ තරඟාවලිය පිළිබඳව විමසීම් කළ හැකිය.

කණ්ඩායම් කළමනාකරුවන්ගේ රැස්වීම පෙබරවාරි 6 වැනිදා පස්වරු 3 ට අනුරාධපුරට බුද්ධගයා මාවතේ ගෝල්මා හෝටලයේ දී පැවැත්වේ.

කාලය මැනීමේ පාපැදි තරඟ මාලාවේ පැවැත්වෙන ඉසව්.

ස්ටෑන්ඩඩ් තරගය - කිලෝමීටර් 10
කනිෂ්ඨ කාන්තා හා පිරිමි තරග - කිලෝමීටර් 20 
වයස 23 න් පහළ තරගය  (පිරිමි) - කිලෝමීටර් 40 
සුපිරි කාන්තා තරගය - කිලෝමීටර් 20
සුපිරි පිරිමි තරගය - කිලෝමීටර් 40 
ප්‍රවීණයන්ගේ (පිරිමි) තරගය - කිලෝමීටර් 20 

වයස 14-15 ත් අතර බාලක හා බාලිකා තරග - (අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරඟකරුවන් සඳහා පමණි)

- 223
 


අදහස් (1)

කාලය මැනීමේ පාපැදි තරගාවලියට අයැදුම්පත් කැඳවයි
  • ඩී.එස්.විතාරණ Wednesday, 02 February 2022 09:33 PM

    ඉතාම හොඳ කටයුත්තක්..., අගය කරමි..!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.