Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මූල්‍ය චෝදනාවන්ට වරදකරුවන් කළ නිලධාරීන් දෙදෙනකු ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ නිලවරණයේ දී තනතුරු සඳහා පත්වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස කැරම් ක්‍රීඩා සමාජ කීපයක් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරයි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා කමිටුවට පැමිණිලි කරමින් ඉහත ක්‍රීඩා සමාජ පවසන්නේ කැරම් සම්මේලනයේ පැවැති නිලවරණය සඳහා සාමාජිකත්වය අවලංගු කළ ක්‍රීඩා සමාජ 23කට හා හඳුනා නොගත් තවත් ක්‍රීඩා සමාජ දෙකකට නිලවරණයේ දී ඡන්ද බලය ප්‍රදානය කිරීමට නිලවරණ කමිටුව ගත් තීරණයට තමන් අප්‍රසාදය පළකර සිටි බවයි. කෙසේ වුවත් එය නොසළකා හරිමින් ඔවුන් නිලවරණයට සහභාගි කර ගනිමින් මීට පෙර කැරම් සම්මේලනයේ තනතුරු දරමින් සිටිය දී එහි මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවන්ට ලක්වූ නිලධාරීන් දෙදෙනකු යළිත් සම්මේලනයේ ඉහළ ධුර සඳහා පත්කර ගැනීමත් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස එහි දී ක්‍රීඩා සමාජ ඇමැතිවරයාට යොමුකළ ලිපියේ දැක්වේ.
මේ අතර කැරම් සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ වසර 2021 ජනවාරි මාසයේ දී ආරම්භ කළ අන්තර් සමාජ විවෘත කැරම් තරගාවලියෙන් පසුව මේ දක්වා තරගාවලි පැවැත්වීමට කැරම් සම්මේලනය අපොහොසත්ව සිටින බවයි.
කොවිඩ් වසංගතයේ බලපෑම් මෙන්ම රට තුළ උද්ගත වූ හදිසි තත්ත්වයන් ද ඊට හේතු වී තිබේ.
එසේම නුගේගොඩ කොහුවල ස්ථාපිත කළ කැරම් සම්මේලනයේ මූලස්ථානය මේ වනවිට වසා දමා තිබෙන අතර මෙතෙක් එය පවත්වා ගෙන ගොස් ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශය ලබාදුන් කුලී මුදලකිනි.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.