Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කැළණි හටන අද - හෙට

කැළණි හටන අද - හෙට

Nisanka Sandeepani - 2019 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය අතර 31 වැනි ‘කැලණි හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (26) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ විය. මෙම තරගය හෙටත් (27) පැවැත්වේ.

මෙවර ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය පස්වැනි වසරේ වර්ණලාභියකු වන යුගිෂ දිල්ෂාන් දරණ අතර ගුරුකුල විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා ලෙස පස්වැනි වසරේ වර්ණලාභියකු වන සචින්ත චමින් කටයුතු කරයි.

දෙවිදුහල් අතර වාර්ෂික මහ ක්‍රිකට් තරග 30 ක් පවත්වා ඇති අතර ඉන් තරග තුනක් ගුරුකුල විද්‍යාලය ජයගෙන තිබේ. සෙසු තරග ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇත.

ධර්මාලෝක විද්‍යාලය මෙම තරගවාරයේ තරග 15 කට ක්‍රීඩා කර තරග 04 ක් ජය ලබා ඇති අතර තගර 07ක පළමු ඉනිමේ ජය ලබා ඇත. තරග 04ක් ජය පැරදුමෙන් තොරව අවසන් වී තිබේ.  ගුරුකුල විද්‍යාලය මෙම තරගවාරයේ තරග 07ක් පළමු ඉනිමේ ජය ලබා ඇත.

ධර්මාලෝක විද්‍යාලයේ නායක යුගිෂ දිල්ෂාන් වමත් මැද පෙළ පිතිකරුවකු වන අතර ලකුණු 453ක් රැස්කර සිටින අතර ඔහු ශතකයක්සහ අර්ධ ශතක 02 ලබා සිටී. 2015 සිංගර් කුසලාන තරගාවලියේදී දක්ෂතම පන්දු යවන්නා ලෙසද සම්මාන ලබා ඇත. උප නායක හරිත කේශාන් සිවුවැනි වසරේ වර්ණලාභියකු වේ. දකුණත් මැදපෙළ පිතිකරුවකු වන හරිත ලකුණු 462 රැස්කර සිටී. 
ඉරුෂ රාමනායක පස්වැනි වසරේ වර්ණලාභියකු වන දකුණත් පිතිකරුවෙකි. ඉරුෂ ලකුණු 467 ක් රැස්කර තිබේ. ෂෙනාල් හිමන්ත සිවුවැනි වසරේ වර්ණලාභියකු වන අතර ඔහු ලකුණු 585ක් රැස්කර තිබේ.

ගුරුකුල විද්‍යාලයීය නායක සචින්ත චමින් වමත් පිතිකරුවකු ලෙසත් වමත් දඟ පන්දු යවන්නකු ලෙසත් කටයුතු කරයි. උප නායක නුවන් චානක සිවුවැනි වසරේ වර්ණලාභියකු වේ. ඔහු ලකුණු 640 ක් රැස්කරමින් කඩුලු 16ක් ද ලබා ගැනීමට සමත්ව සිටීයි.
කෙමිර නයනතරු ලකුණු 695 ක් රැස්කරමින් ගුරුකුල විද්‍යාලයේ ප්‍රබලතම පිතිකරු බවට පත්ව සිටීයි. 

දෙවිදුහල් අතර වාර්ෂික එක් දින ක්‍රිකට් තරගය මාර්තු 03 දින ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ගුරුකුල විද්‍යාලයීය කණ්ඩායම: 
ඉදිරිපෙළ- (විදුහල්පති) අනිල් ගීතලාල් මහතා, (ක්‍රීඩාභාර ආචාර්ය) නිශාන්ත කුමාර මහතා, (පුහුණුකරු) රසිත දිනේෂ් මහතා සහ (සහාය පුහුණුකරු) බුද්ධි ප්‍රසන්න මහතා.
පසුපෙළ - (නායක) සචින්ත චමින්, (උප නායක) නුවන් චානක, ශානක ඉෂාර, කෙමිර නයනතරු, ප්‍රවීන් නිමේෂ්, ලික්ෂාන් සසන්ග, සසිත අශාන්, දිලිප් චාමර, සිතිජ චමෝද්, නුවන්ත මධුෂාන්, රශ්මික මෙවන්, රිසින සන්කල්ප, යෂ්මිත් උදේෂ්, විහග ඉරංජන, නෙලුක හේෂාන් සහ සමිර බණ්ඩාර.

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයීය කණ්ඩායම: 
ඉදිරිපෙළ - යුගීෂ දිල්ෂාන් (නායක), බී. සන්ජය මහතා (සහාය පුහුණුකරු), ඩබ්ලිව්.ජේ.එච්. ප්‍රභාත් මහතා (ක්‍රීඩාභාර ආචාර්ය), කැලුම් දේශප්‍රිය මහතා (සහය ක්‍රීඩා භාර ආචාර්ය), ඒ.ජේ. නිමල් ජයවීර මහතා (විදුහල්පති), දිනිති අමරසිංහ මහත්මිය (නියෝජ්‍ය විදුහල්පති), යූ.එම්. නිලුක්ෂිණි ප්‍රනාන්දු මහත්මිය (නියෝජ්‍ය විදුහල්පති), කේ.ජී. කවීෂා අමරසේන මෙනෙවිය (ක්‍රීඩා භාර ආචාර්ය), සුදත් නානායක්කාර මහතා (ප්‍රධාන පුහුණුකරු) සහ හරිත කේෂාන් (උප නායක). 
 (වමේ සිට දකුණට) පසුපෙළ - හේමන්ත විදුරංග, වරුෂ ෂාමික, දනික තිලුමින්ද, කවින්දු මල්ෂාන්, පසින්දු ලක්ෂිත, සුපුන් මලින්දු, හසිදු පියුමාල්, ෂෙනාල් ඉද්දමල්ගොඩ, ඉරුෂ රාමනායක, මධුෂ්ක නිදීෂාන්, රවිශ් තවිඳු, සචින්ත ලක්ෂාන්, සුබුති නිල්ෂාන්, කවිදු සංකල්ප සහ හසිදු ප්‍රබෝද්.

ගුරුකුල විද්‍යාලයීය කණ්ඩායම: 

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයීය කණ්ඩායම: 

 


අදහස් (0)

කැළණි හටන අද - හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.