Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය සහ කෑගලු විද්‍යාලය අතර කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැති 39 වැනි ‘කෑගලු රන් හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (30 වැනිදා) ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 240 ක ඉලක්කයක් හඹාගිය කෑගලු විද්‍යාලය, තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 141 ක් ලබා සිටි අතර ඒ වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි පුලස්ති අනුරාධ නොදැවි ලකුණු 52 ක් ලබා සිටියේය.
ලකුණු 99 ක වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ ශාන්ත මරියා විදුහල කඩුලු 5 ක් දැවී ලකුණු 140 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා කෑගලු විදුහලට නැවතත් පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.
පළමු දිනය වූ ඊයේ (29 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 59 ක් ලබා සිටි කෑගලු විදුහලට අද දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 64 ක් පමණි. අචින්ත වික්‍රමසිංහ සහ ගිහාන් අබේවර්ධන කඩුලු 4 බැගින් බිඳහෙළමින් කෑගලු විදුහල් පළමු ඉනිම සුනුවිසුණු කර දැමූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත මරියා විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 222 ක් රැස්කළ අතර එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ගජිත කොටුවේගොඩ (102) ශතකයක් ලබාගත්තේය.
ශාන්ත මරියා විදුහල පළමු ඉනිම - ඕවර 65.2 කදී සියලු දෙනා දැවී 222
(ගජිත කොටුවේගොඩ 102, පසන් වලිසිංහ නොදැවී 32, සංදීප වීරසිංහ 26, මදුෂාන් ගුණසිංහ 72/3, පුන්සර ගිම්හාන 19/2)
කෑගලු විදුහල පළමු ඉනිම - ඕවර 35.1 කදී සියලු දෙනා දැවී 123
(ලෝචන චරිත් 24, සඳරු ශාන් 20, අචින්ත වික්‍රමසිංහ 20/4, ගිහාන් අබේවර්ධන 26/4, සිනෙත් වීරසූරිය 23/2)
ශාන්ත මරියා විදුහල දෙවැනි ඉනිම - ඕවර 23.2 කදී කඩුලු 5 ක් දැවී 140
(ගිහාන් අබේවර්ධන 35, දුෂාන් කරුණාතිලක 30, අකලංක පෙතියාගොඩ 22, මදුෂාන් ගුණසිංහ 51/3)
කෑගලු විදුහල දෙවැනි ඉනිම - ඕවර 48.1 කදී කඩුලු 3 ක් දැවී 141
(පුලස්ති අනුරාධ නොදැවී 52, සඳරු ශාන් 38, පසිඳු දිල්ෂාන් 34, සිනෙත් වීරසූරිය 37/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.