Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කෑගලු විද්‍යාලය සහ කෑගල්ල ශාන්ත මේරී විද්‍යාලය අතර වර්ෂික මහ ක්‍රිකට් තරගය වන ‘කෑගලු රන් හටන’ මේ මස 29 සහ 30 දිනවල (හෙට සහ අනිද්දා) කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගය 39 වැනි වරට පැවැත්වෙන්නකි.
මෙවර පැවැත්වෙන 39 වැනි ‘කෑගලු රන් හටනේදී කෑගලු විද්‍යාලීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඩබ්.පී.එම්.ගුණසිංහට හිමිවී තිබේ. කෑගල්ල ශාන්ත මේරී විද්‍යාලීය කණ්ඩායම පිට පිටම දෙවැනි වරටත් මෙහෙයවීමේ වගකීම ගජිත කොටුවේගොඩට හිමිවී ඇත.
1963 වසරේ සිට දෙවිදුහල් අතර මේ දක්වා වාර්ෂික මහ ක්‍රිකට් තරග 38 ක් පවත්වා ඇති අතර ශාන්ත මේරී විද්‍යාලය තරග 7 ක් ජයගෙන තිබේ. කෑගලු විද්‍යාලයට මේ දක්වා කිසිදු තරගයක් ජයගැනීමට අවස්ථාව හිමිනොවූ අතර තරග 31 ක් විසඳුමකින් තොරව අවසන්වී ඇත. විවිධ හේතූන් මත වරින්වර ‘කෑගලු රන් හටන’ නොපැවැත්විණ.
ගජිත කොටුවේගොඩගේ නායකත්වය යටතේ පසුගිය වසරේදී ශාන්ත මේරී විද්‍යාලය වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජයගැනීමට සමත්ව තිබේ.
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේදී කෑගල්ල ශාන්ත මේරී විද්‍යාලය පළමු කොටස යටතේත්, කෑගලු විද්‍යාලය දෙවැනි කොටස යටතේත් ක්‍රීඩා කළේය. මෙම කණ්ඩායම් දෙකට මෙවර පාසල් තරග වාරයේදී කිසිදු තරගයක් ජයගැනීමට අවස්ථාව හිමිනොවිය.
දෙවිදුහල් අතර 19 වැනි වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය මේ මස 31 වැනිදා කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශාන්ත මේරී විද්‍යාලීය කණ්ඩායම: ඉදිරිපෙළ වමේ සිටඃ අකලංක පෙතියාගොඩ, සිනෙත් වීරසූරිය, ගජිත කොටුවේගොඩ (නායක), ජයන්ත එදිරිසිංහ මහතා (නියෝජ්‍ය විදුහල්පති), හේමා වික්‍රමරත්න මහත්මිය (විදුහල්පති), සිසිර ගුණවර්ධන මහතා (ක්රීඩාභාර ආචාර්ය), සුභාසිත ඒකනායක මහතා (පුහුණුකරු), ශිහාන් අබේවර්ධන (උපනායක), පසන් වලිසිංහ පසුපෙළ වමේ සිටඃ ප්‍රවීන් ලියනගේ, හිරාන් බියගම, අචින්ත බණ්ඩාර, සේහාන් වහුම්පුරගේ, සස්මිත භාග්‍ය, මලීෂ සේනානායක, යෙසිත නරසිංහ, චමත් නිවර්තන, දුෂාන් කරුණාතිලක, සංදීප වීරසුරිය, ශ්‍යාමෙන් කළුආරච්චී |
කෑගලු විද්‍යාලීය කණ්ඩායම: ඉදිරිපෙළ වමේ සිටඃ ඩබ්.පී.එම්.ගුණසිංහට (නායක), ආර්.ඒ.කේ.ඩි.කේ.රණසිංහ මහතා (ක්රීඩාභාර ආචාර්ය), ඩබ්.එච්.ජී.එන්.වීරසිංහ මහතා (නියෝජ්‍ය විදුහල්පති), එස්.ඩී.එන්.ඒ.දනවර්ධන මහතා (විදුහල්පති), එන්.ඩබ්.ජයවර්ධන මහතා (පුහුණුකරු), එස්එස්.රාජපක්ෂ මහතා (සහය පුහුණුකරු), ඒ.එම්.පී.ඒ.අතපත්තු (උපනායක) දෙවැනි පෙළ වමේ සිටඃ කේ.පි.ජයන්ත, ආර්.එම්.කේ.අබේරත්න, කේ.ජී.ආර්.පි.ජී.සඳරුවන්, ඒ.එන්.සිරිවර්ධන, බී.ආර්.පී.එන්.බස්නායක, ටී.පි.එස්.එස්.චන්ද්‍රසේන, රම්.ආර්.වී.එස්.දිසානායක. පසුපෙළ වමේ සිටඃ ජේ.ඒ.කේ.එන්.ජයලත්, ඊ.ජී.ආර්.සි.රත්නායක, සී.බී.වැලිපිටිය, එම්.ආර්.එස්.පී.බණ්ඩාර, ඒ.ඒ.ටී.චන්ද්‍රතිලක, ජී.එස්.එස්.දේශාන් |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.