Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ ලයන්ස් ජල ක්‍රීඩා සංගමය 13 වැනි වරටත් සංවිධානය කරන ලබන කිලෝමිටර් දෙකේ විවෘත ගංගා පිහිනුම් තරගාවලිය හෙට (8 වැනිදා) පෙරවරුවේදී අම්බලන්ගොඩ මාදම්පා ගඟේ ඌරාවත්ත තොටුපොළේදී පැවැත්වේ.
මේ තරගාවලිය කාන්තා සහ පිරිමි වශයෙන් පැවැත්වෙන අතර පිරිමි තරගය එදින උදේ පළමුව ආරම්භ කෙරේ. කාන්තා තරගය ඊට විනාඩි 20 කට පමණ පසුව ආරම්භ කෙරෙන බවත් තරග සංවිධායකයෝ කියති.
මෙම පිහිනුම් තරගාවලියේ ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන්ට රන් රිදී සහ ලෝකඩ පදක්කම් පිරිනමනු ලැබේ.
පාසල්, පිහිනුම් පුහුණු පාසල්, ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුලු දිවයිනේ පිහිණුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අයදුම්පත් රැසක්ම මේ වනවිට ලැබී ඇති බවද තරග සංවිධායකයෝ කියති
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.