Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන කිලෝමීටර් 5 විවෘත කාන්තා පිරිමි මුහුදු පිහිනුම් තරගාවලිය මාර්තු මස 13 වැනිදා බලපිටිය වෙරළාරක්ෂක කදවුර පිටුපස වෙරළ තිරයේදී පැවැත්වේ.
මේ තරගාවලියට පිහිනුම් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 120ක් සහභාගිවන බව ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය කියයි. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, හා ජල ක්‍රීඩා සමාජ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ අතර සිටින බවද එම සංගමය කියයි.
කොළඹදී පැවැත්වීමට තිබු මේ පිහිනුම් තරගාවලිය පිට ප්‍රදේශයක පැවැත්වීමට හේතුවුයේ කොළඹ ආසන්න මුහුදු තිරයේ පවතින කිඹුල් බිය නිසා බවද ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිලධාරියෙක් කිවේය .
මෙවැනි තරගාවලියක් බලපිටිය මුහුදු තිරයක පවත්වන පළමු අවස්තාව මෙය බවද ඔහු කිවේය .
තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රන්, රිදී, සහ ලෝකඩ පදක්කම් පිරි නමනු ලබන බව ද සංවිධායකයෝ කියති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.