Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කී‍්‍රඩා අමාත්‍යංශයට අනුබද්ධ ප‍්‍රබලම දෙපාර්තමේන්තුවක ඉහළම නිලයක් දරන අයකුට එරෙහිව පැවැති පරීක්‍ෂණයකදී අදාළ චෝදනාවන්ට ලක්වූ අය ඊට වැරදිකරු බව සනාථ වී ඇතත් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම එන්න එන්නම පමාවෙමින් තිබෙන බව වාර්තා වේ.
මෙම තනතුර හොබවන අය මේ වන විටත් අදළා තනතුරේ කටයුතු කරමින් අතපසුවූ ගෙවීම් කිරීමට යුහුසුළුව උත්සුක වන බවද දැනගන්නට තිබේ.
එල්ල වූ චෝදනා සියල්ලම යටපත් කරමින් මෙම තනතුර දරන අය ආරක්‍ෂා කිරීමට හිටපු රජයේ ප‍්‍රබල ඇමතිවරයකු දිගින් දිගටම උත්සාහ ගෙන ඇති නමුත් පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් මෑතකදී කරන ලද පරීක්‍ෂණයකින් පසුව නිර්දේශ කර ඇත්තේ අදාළ තනතුර දරන අය වහාම එම තනතුරෙන් ඉවත් කර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සංචිතයට අනුයුක්ත කරන ලෙසයි.
එසේ වුවත් එම තීරණය ගැනීම දේශපාලන බලපෑම් හේතුවෙන් දිගින් දිගටම පමා වෙමින් තිබෙන බව කී‍්‍රඩා අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
පිටු 35 කින් සමන්විත පරීක්‍ෂණ වාර්තාවට අනුව සියලූ චෝදනාවන්ට මෙම තනතුර හොබවන අය වැරදිකරු බව දැනගන්නට තිබේ. මෙම වාර්තාවේ පිටපත් කිහිපයක් මේ වන විට පිටස්තර පුද්ගලයන් අතටද පත්වී ඇති බවත් දැනගන්නට ඇත.
ඒ සම්බන්ධයෙන් මූලික පරීක්‍ෂණයක් කිරීමට කී‍්‍රඩා අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සූදානම් වූ නමුත් අවසානයේදී එම නිලධාරියාද වෙනත් අමාත්‍යංශයකට මාරු කර යවන ලදි.
මාරු කර යවන ලද නිලධාරියා වෙනුවට පත්කරන ලද නිලධාරියාද තමන්ට ලැබුණු වාර්තාව ස`ගවා තබා ගනිමින් හිටපු ඇමතිවරයාගේ අභිමතය අනුව කටයුතු කළ බව දැනගන්නට තිබේ.
ඔවුන්ගේ බලාපෙරොත්තුව වූයේ පසුගිය 8 වැනිදා පැවැති ජනපතිවරණයන් පසුව, දේශපාලනඥයාගේ බලය භාවිතා කරමින්, එම පරීක්ෂණ වාර්තාවන් යටගසා විනාශ කර දැමීම බවද කී‍්‍රඩා අමාත්‍යංශයේ තතු දන්නෝ කියති.
කෙසේ වෙතත් ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල සමග එම තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට හැරිණ.
●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.