Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
සමස්ත ලංකා පාසල් මයිලෝ කුසලාන දැල්පන්දු (නෙට්බෝල්) තරගමාලාවේ වැඩිම වාර ගණනක් වයස් කාණ්ඩ හතරම එක වර ජය ගනිමින් වාර්තාවක් පිහිටුවා තිබෙන කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ සියලු කණ්ඩායම් මාතර උයන්වත්ත පිටියේදී දැන් පැවැත්වෙන2024 තරගාවලියේ මූලික වටයෙන්ම පරාජයට පත් විය.
උයන්වත්ත පිටියේදී පෙරේදා (4) සිට මෙම පාසල් දැල්පන්දු තරගමාලාවේ අවසන් වටයේ තරග පැවැත්වේ. එහි අවසන් පූර්ව හා අවසන් මහ තරග අද (6) පැවැත්වේ. එහිදී පැවැත්වෙන්නේ තරගමාලාවේ වයස් කාණ්ඩ හතරේ අවසන් වටයේ තරගයි.ඊට එක්ව සිටින පාසල් කණ්ඩායම් ගණන 400 කි.
මෙම තරගමාලාව ආරම්භ වූ 1994 සිට වැඩිම වාර ගණනක් එහි සමස්ත ශූරතාව දිනා සිටින කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය වයස් කාණ්ඩ හතරේම ශූරතාව එක වර දිනා ගත් වාර ගණන නවයකි. වසර 13 ක්ම ඔවුන් වයස් කාණ්ඩ හතරේම අවසන් මහ තරග සඳහා නිර්දේශ ලබමින් වාර්තාවක් පිහිටුවා තිබේ.
අවසන් වරට වසර 2022 තරගාවලියේදී ඔවුන් වයස 13 න් පහළ, 15 න් පහළ, 17න් පහළ හා 19 න් පහළ යන කාණ්ඩ හතරම දිනා තරගමාලාවේ සමස්‍ත ශූරතාව දිනා ඇත. කෙසේවූවත් ගිය වර (2023) තරගමාලාවේදී වයස 19 න් පහළ කුසලාන පමණක් දිනා ගත් කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම ක්‍රීඩිකාවන් සෙසු කාණ්ඩවල තෙවැනි ස්ථාන ලබා තිබේ.
එහෙත් ඔවුන් කිසිදු ශූරතාවක් ලබා නොගනිමින් මෙම තරගමාලාවේ පරාජයට පත් වන්නේ වසර 25 කට පමණ පසුවය. එහිදීත් එම පරාජය වඩාත්ම අවධානයට යොමු වන්නේ මෙවර මූලික වටයෙන්ම ඔවුන්ගේ සියලු කණ්ඩායම් ඉවතට විසිවී යාමය.
කෙසේවූවත් වසර ගණනාවක්ම කුරුණෑගල ශුද්ධ’ වූ පවුලේ කන්‍යාරාමයේ ප්‍රධාන දැල්පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ අමල්කා ගුණතිලක මහත්මිය ස්ථාන මාරුවක් ලැබීමෙන් මේ වන විට කුරුණෑගලම වෙනත් පාසලකට අනුයුක්ත කර ඇතැයි වාර්තාවේ.
ඇය කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට සේවය ලබා දුන් පසුගිය වසර ගණනාව පුරා සමස්ත ලංකා, ජාතික පාසල් හා වයඹ පළාත් පාසල් දැල්පන්දු ශූරතා කුසලාන 30 කට අධික ගණනක් ඔවුන් විසින් දිනා ගැනීම පසුව ඇයට ජාතික කනිෂ්ඨ දැල්පන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට නිර්දේශවීමටද දායක වූවාය.
කෙසේවූවත් අමල්කා ගුණතිලක මහත්මිය එම විදුහලේම තවදුරටත් සේවය කිරීම සදහා ස්ථාන මාරුව අවලංගු කර ගැනීමට දැරූ උත්සහය සාර්ථක වී නැත.
පසුගිය වසරේදී (2023) ඇය ස්ථාන මාරුව ලැබීමෙන් පසුව ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්ව කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ වයස 19 න් පහළ දැල්පන්දු කණ්ඩායම පුහුණු කර තිබේ. එහිදී එම වසරේ මයිලෝ පාසල් තරගාවලියේ වයස 19 න් පහළ කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට එම කණ්ඩායම සමත් විය.
ඉකුත්දා බැංගලෝර් නුවරදී නිමාවට පත්වූ 13 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ අනුශූරතාව ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ’ නායිකාව වූයේ ඇගේ දියණිය වන දුලංගි වන්නිතිලකය.
අමල්කා ගුණතිලක මහත්මියගේ සැමියා වන ආනන්ද වන්නිතිලක’ මහතා එහිදී පසුගිය වසර ගණනාව පුරා කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ සහාය දැල්පන්දු පුහුණුකරුවකු ලෙස මෙහිදී කටයුතු කර තිබීමත් මෙම සිදුවීමේදී කැපී පෙනේ.
මෙම තරගමාලාවට 1994 සිට අඛණ්ඩවම නෙස්ලේ ලංකා සමාගම මයිලෝ සන්නාමය යටතේ අනුග්‍රාහය දක්වයි. අද පස්වරු 4 ට තරගමාලවේ සිව් අවසන් මහ තරග එක වර ආරම්භ වේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය සංවිධානය කරන තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බර්නාඩ් සෙටානෝ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රීඩා) උපාලි අමරතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.