Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ ස්ටාර් පිහිනුම් සහ ජීවිතාරක්ෂක පුහුණු පාසල දෙවැනි වරටත් සංවිධානය කරනු ලබන විවෘත බාලක, බාලිකා වයස් කාණ්ඩ කෙටි දුර පිහිනුම් තරගාවලිය මෙම මස 14 වැනිදා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් පිහිනුම් තටාකයේදී පැවැත්වේ.
මෙවර තරගාවලියට දිවයිනේ පාසල්වල, පිහිනුම් පාසල්වල සහ පිහිනුම් ක්‍රීඩා සමාජවල පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 ක් පමණ සහභාගි වන බව තරග සංවිධායකයෝ කියති. තරගාවලිය වයස 8 න් පහළ, 10 න් පහළ 12න් පහළ 14න් පහළ 16 න් පහළ 18න් පහළ සහ විවෘත කාන්තා, පිරිමි ලෙස පැවැත්වේ.
මීටර් 25, මීටර් 50, මීටර් 100, බාලක,බාලිකා කේවල තරග ඉසව් ලෙස සහ මීටර් 50x4 සහ මීටර් 100x4 සහාය බාලක,බාලිකා තරග ඉසව් යටතේ තරගාවලිය පැවැත්වෙන බවද තරග සංවිධායකයෝ කියති.
තරගාවලිය කෙටි දුර පිහිනුම් තරගාවලියක ක්‍රියාත්මක කරනු ලබන සමනළ ආර, ළය ආර, පසුපස ආර,නිදහස් ආර පිහිනුම් තරග රටා අනුව පැවැත්වෙන බවද ඔවුහු කියති. මෙවර තරගාවලියට අලුත්ම තරග ඉසව්වක් එක් කළ බවත් එය විශේෂ අවශ්‍යතාවන් සහිත ළමයින්ගේ පිහිනුම් තරගයක් බවත් ඔවුහු කියති.
සෑම වයස් කාණ්ඩයකම දක්ෂතම ක්‍රීඩකයා,ක්‍රිඩිකාව තෝරනු ලබන අතර දක්ෂතම පාසල්, පිහිනුම් සහ කීඩා සමාජය ද තෝරා ගනු ලබයි. තරගාවලියේ සෑම තරග ඉසව්වකම ශූරතා,අනු ශූරතා සහ තෙවැනි ස්ථාන සදහා රන්,රිදී,ලෝකඩ පදක්කම් සහ කුසලාන පිරිනැමේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.