Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කොළඹ ජාත්‍යන්තර චෙස් තරගාවලිය 12 දා සිට

කොළඹ ජාත්‍යන්තර චෙස් තරගාවලිය 12 දා සිට

editorial - 2023 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය 14 වැනි වරටත් සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර චෙස් තරගාවලිය මේ මස 12 සිට 16 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙස් විදෙස් චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 ක් පමණ සහභාගී වන මේ තරගාවයලිය ශ්‍රේණිගත කිරීමේ තරගාවලියකි.

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙනුවෙන් වෙන් කළ ඇති මුදල්  මල්ල රුපියල් ලක්ෂ දහතුනකි.තවද රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනාකමින් යුත් කුසලාන සහ පදක්කම් ඔවුන් වෙනුවෙන් පිරිනැමෙන බව සංවිධායකයෝ කියති.

විවෘත ශූරතාව සදහා රුපියල් 200,000ක් ද අනුශූරතාව සදහා රුපියල් 100,000ක් ද තෙවැනි ස්ථානය සදහා රුපියල් 50,000ක් ද එමෙන්ම එම ඉසව්වේ සිව් වැනි ස්ථානයේ සිට පහළොස් වැනි ස්ථාන සදහා ද මුදල් ත්‍යාග පිරිනැමේ.

කාන්තා ශූරතාව සදහා රුපියල් 60,000ක් ද අනු ශූරතාව සදහා රුපියල් 35,000 ක්ද තෙවැනි ස්ථානය සදහා රුපියල් 25,000ක් ද එම ඉසව්වේද සිව් වැනි හා පස් වැනි ස්ථාන දෙක සදහා ද මුදල් ත්‍යාග  පිරිනැමේ.

තරගාවලියේ වයස 7 න් පහළ 9 න් පහළ 11 න් පහළ 13 න් පහළ සහ 15 න් පහළ බාලක ,බාලිකා තරග ඉසව්වල ජ්‍යග්‍රාහකයින්ට ද මුදල් ත්‍යාග පිරිනැමේ.

තරගාවලියේ වට සංඛ්‍යාව ඊට සහභාගී වන චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනුව තීරණය කෙරේ. අවම වශයෙන් වට 9 කි. උපරිම වට සංඛ්‍යාව 11 කි. ක්‍රියාත්මක කරනු ලබන තරග වට සංඛ්‍යාවෙන් ලබා ගන්නා ලකුණු අනු පිළිවෙළ මත තරගාවලියේ ඒ ඒ අංශවල ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් තෝරාගනු ලැබේ.


අදහස් (0)

කොළඹ ජාත්‍යන්තර චෙස් තරගාවලිය 12 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.