Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කොළඹ පුරපති කුසලාන හොකී තරගාවලිය අප්‍රේල් 1 දා ඇරඹේ

කොළඹ පුරපති කුසලාන හොකී තරගාවලිය අප්‍රේල් 1 දා ඇරඹේ

editorial - 2021 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

----------------------------

(නාමල් පතිරගේ)

----------------------------

ශූරයන්ට රුපියල් ලක්ෂයක් ප්‍රදානය කෙරෙන කොළඹ පුරපති කුසලාන අන්තර් සමාජ හොකී (පිරිමි) තරගාවලිය අප්‍රේල් 1 වැනිදා සිට රීඩ් මාවත කෘත්‍රිම හොකී පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. කොවිඩ් වසංගතයෙන් පසුව හොකී ක්‍රීඩාව ආරම්භ කිරීමේ දිරි ගැන්වීමක් ලෙස කොළඹ මහනගර සභාව මෙම තරගාවලිය සංවිධානය කරයි.

සත්කාරකයන් වන කොළඹ මහනගර සභා කණ්ඩායම ඇතුළුව දිවයිනේ නමගිය හොකී ක්‍රීඩා සමාජ 12ක් තරගාවලියට ආරාධනා ලබා සිටිති. වාර්ෂිකව ක්‍රීඩා  ගණනාවක් සඳහා තරගාවලි සංවිධානය කරන කොළඹ මහ නගර සභාව හොකී තරගාවලියක් සංවිධානය කරන්නේ පළමු වතාවට වීමය.

කොළඹ මහ නගර සභාවේ කොමසාරිස් පැවසුවේ මෙතැන් පටන් මෙම හොකී තරගාවලිය වාර්ෂිකව සංවිධානය කරන බවයි.  තරගාවලියේ අනුශූරයන්ට රුපියල් 50,000ක්ද තෙවැනි ස්ථානයට රුපියල් 30,000ක්ද ත්‍යාග ලෙසින් ප්‍රදානය කෙරේ.

ලීග් ක්‍රමයට පැවැත්වෙන තරගාවලිය ලබන අප්‍රේල් 1 වැනිදා සිට 4 වැනිදා දක්වා පැවැත්වේ.
පෙර අර්ධ අවසන් පූර්ව වටය අප්‍රේල් 3 වැනිදා පැවැත්වේ. අවසන් පූර්ව තරග, තෙවැනි ස්ථානය තේරීමේ තරගය හා අවසන් මහ තරගය අප්‍රේල් 4 වැනිදා පැවැත්වීමට නියමිතය. අවසන් මහ තරගය පැවැත්වෙන්නේ එදින පස්වරු 3.30ට පැවැත්වීමට නියමිතය.

අප්‍රේල් 1 වැනිදා පෙරවරු 8.00 ට ආදි ඩී. එස්. පිල සහ මාතලේ ප්‍රවීනයන්ගේ (මාස්ටර්ස්) පිල අතර තරගයෙන් තරගාවලිය ආරම්භ කෙරේ.  

 

තරගාවලියට සහභාගි වන ක්‍රීඩා සමාජ
කොළඹ මහ නගර සභාව, ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය, බී. ආර්. සී, සී.එච්. ඇන්ඩ් එෆ්.සී, මහනුවර, මාතලේ ප්‍රවීනයෝ (මාස්ටර්ස්), ආදි ඩී. එස්., ආදි නාලන්දා සහ  ආදි රාජකීය.

 

කොළඹ පුරපති හොකීකුසලාන මාධ්‍ය හමුවේදී එළිදැක්වූ අයුරු. කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් නීතීඥ රෝෂිණී දිසානායක මහත්මිය සහ එහි ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මාෂන්ක ලියනගේ මහතාද මෙහි වෙති.


අදහස් (0)

කොළඹ පුරපති කුසලාන හොකී තරගාවලිය අප්‍රේල් 1 දා ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.