Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නේපාලයේදී පැවැත්වීමට නියමිත XIII වැනි සාග් ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අධික්‍ෂණය කිරීම සහ පහසුකම් සැළසීම ඉලක්ක කරමින් සාග් ලේකම් කාර්යාලයක් පිහිටුවීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබේ.
ටොරින්ටන් පිහිටි ක්‍රීඩා අමාත්‍යංශ පරිශ්‍රය තුළ මෙම කාර්යාලය පිහිටුවීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.
මෙම ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව ක්‍රීඩා 23 කට සහභාගි වීමට සැළසුම්කර ඇති අතර ක්‍රීඩා දහයක පමණ සංචිත මේ වන විට ආරම්භ කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. එම සංචිතවල සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා අමාත්‍යංශයේ ‘ඩන්කන් වයිට්’ ශ්‍රවණාගාරයේ මේ මස 12 වැනිදා පැවැත්වෙන විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනකට කැඳවීමට ද නියමිතය.
එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම ක්‍රීඩා උළෙලට සහභාගි වන බවට හැගීමක් ඇති වන පරිදි විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය.
එහිදී දැනට සංචිත ගතවසිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දී සිටින ගැටලු ද ක්‍රීඩා බලධාරීන්ට ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.